ඔබ ඇත සයනක වැතිරී දුක සේ
දිනයක යනු ඇත අතහැර නිසි සේ
කලකදි වින්දත් සැප හැම රිසි සේ
දුරකය එම දේ ඇති හුදු මනසේ
හැම දෙයකට නිසි කල එළඹෙනවා
ඔබ මා වෙන් වන දිනකුදු එනවා
මැවි මැවි පෙනෙනා මතකය පිනවා
සමු ගන්නෙද කෙලෙසක සිත දනවා
පැරදුමකුයි හදවතට දැනෙන්නේ
මම ඇයි යන ඔබ මෙහි නවතන්නේ
වැඩකට නොවැ මෙහි එන්නේ යන්නේ
එයටනෙ ජීවිතයයි පැවසෙන්නේ
යන තැනකට ඔබ සතුටින් යන්න
එහි ඇති බොහො අය ඔබ පිළිගන්න
අප ගැන තව වැඩි දුර නොසිතන්න
බැරි නැත ළඟදිම යළි හමුවෙන්න
පළමු වතාවට මේ පැත්තට ආවේ.. සුන්දර කවියක්
ReplyDeleteඔබට බෙහෙවින් ස්තුතියි.. මෙහි ආවාටත්.. කවි පංතිය කියෙවුවාටත්.. අගය කළාටත්..
Delete