Thursday, June 9, 2016

බැරිදා විග්‍රහය ! මහින්ද කරන්නේ රනිල් ගේ කොන්ත්‍රාත්තුවක් ද?

ගිය වසරේ ජනවාරි 08 ඓතිහාසික තීන්දුවක් ගනිමින් ගෙදර යැවූයේ සදාකාලිකව රජ සැප විඳීමට සූදානම් ව සිටි මහින්ද රාජපක්ෂව ය. එතෙක්.. බොහෝ සොරුන් බලා ගන්නා අතර.. මහින්ද රනිල්ව ද බලාගත්තේය.. දැන් රනිල්ගේ වාරයයි.. රනිල් මහින්දව බලාගනී.. මොන වංගුව ගසා තිබුණත්.. රාජපක්ෂලා නිර්දෝෂී වන්නේ පුදුමාකාර ලෙසටය.. එක්කෝ නඩු යට යයි.. එක්කෝ විසිවෙයි.. ඉඳ හිට කරලියට නො එන්නේ ද නොවේ..

මහින්ද සාධකය විරුද්ධ පක්ෂයේ බලය අල්ලා ඇත.. එය සත්‍යයකි.. එහෙත්.. මහින්දට යළි බලයට එනු හැකි වෙතැයි.. මට නම් සිතෙන්නේ නැත.. රනිල්ටත් එසේ නොසිතෙන බව මට සිතෙයි.. රනිල් ට සිතෙන්නේ.. මහින්දව විශ්‍රාම යැවීම තම තක්කඩි කම්.. යටිකූට්ටු වැඩ කරගැනීමට බාධාවක් බව යැයි මට සිතෙයි.. එනිසා රනිල්.. මහින්දට බලයත් නොදී.. එහෙත්.. විශ්‍රාම යන්නටත් නොදී.. ඉන්න තැනට වැඩ කරයි.. රනිල්ට උවමනාවක් ඇත්නම්.. මහින්දව නැත්තටම නැතිකර දමන එක කජ්ජක් නොවන බවත්.. එසේ නැති කළොත්.. මෛත්‍රීට සහ ඔහුගේ පිළට ප්‍රතිවාදියාගේ ස්ථානය හිමිවන බවත් රනිල් දනී..

මහින්ද සිටින තාක්කල් මෛත්‍රීට ඡන්දය දුන් මධ්‍යස්ථ ජනතාව.. ආණ්ඩුවට විරුද්ධව මොනවා කීවත්.. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ නැත.. රවී කරුණානායක, ජෝන් අමරතුංග, අකිල විරාජ් ඇතුළු ගොං ඇමති රැළ මොනවා කළත් කීවත්.. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ නැත.. ඔවුන් ඡන්දය දෙන්නේ මහින්දට විරුද්ධවය.. මහින්ද විරෝධය විකුණාගෙන කෑමට නම්.. මහින්ද සිටිය යුතුය.. රනිල් මහින්දව රකින්නේ ඒ නිසාය.. ඒ නිසාය කිවුව්වට ඒ නිසා පමණක්ම නොවේය.. මේ නිසා ද රනිල් මහින්දව රකී.. ඒ.. මොනවා උනත් රනිල්ගේ එජාප නායක කම රැක දුන්නේ මහින්ද නිසා ය..

තමන් ගේ පුත්තු තුන් දෙනා.. තමන්ගේ නෝනා සහ තමන්ගේ මල්ලිලා දෙන්නා බේරාගන්නට මහින්දට ඕනෑ ය.. රිමෝට් එක රනිල් අතේ ය.. මේක නම් හොලිවුඩ් පිලුම් එකකට වඩා ජුගුප්සාජනක පිලුම් එකකි..

4 comments:

  1. //මහින්ද සිටින තාක්කල් මෛත්‍රීට ඡන්දය දුන් මධ්‍යස්ථ ජනතාව.. ආණ්ඩුවට විරුද්ධව මොනවා කීවත්.. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ නැත.. //
    ලොකු වැරදීමක්. චතුර වගේම රනිලුත් මෙහෙම හිතන බව පේනව. නමුත් මගේ දැනීමේ හැටියට නං මේ කරන්න යන්නෙ භයානක සෙල්ලමක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්. මාත් කරනවා වගේ වඩා අකමැති අය පරාජය කිරීමේ අදහසින් චන්දය දීම.

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..