දෙරණ ටෙලිවිෂන් එකේ පත්තරේ කියවන චතුර අල්විස් මහත්තයා.. දෙන්ඩ තැනක් තිබ්බොත් ඇට්ටි හැලෙන්ට දෙනවා.. ඔය පහුගිය දොහේ නැගෙනහිර මහ ඇමතිටත් දුන්නෙ.. ඒ ගැන ආඩම්බර වෙලා ෆේස්බුක් එකේ පෝස්ට් යනවා..
ඔය අස්සෙ ඕක දිරවන්නෙ නැති මහත්තුරු ටිකක්.. පහුගිය කාලෙ ඔය වගේ දේවල් උනාට කටක් හෙල්ලුවෙ නැති එක මතක් කරලා චතුරට කෝචොක් එකට පෝස්ට් දානවා..
ඒ වගේ ම මං දැක්කා මරා දැමූ ලසන්ත වික්රමතුංග මහත්තයයි.. චතුර මහත්තයයි සංසන්දනය කරලා පෝස්ටුවකුත් ගියා.. ඇත්තටම ලසන්තයි චතුරයි අහසට පොළොව වගේ.. ලසන්ත.. කවුරුත් වාර්තා කරන්ට බය වෙච්ච දේවල් බය නැතුව කළා.. චතුර.. බය වෙන්න ඕන තැං වල බය වෙලා.. සිංහයා වෙන්න පුළුවං තැන සිංහයා වුණා.. ක්රිකට් මැච් එකක උනත්.. අමාරුම පන්දු වලට ගහන එකාට නෙවෙයි නෙ මෑන් ඔෆ් ද මැච් හම්බුවෙන්නෙ.. වැඩිම ලකුණු ගහන එකාට නෙ.. අමාරු ම ටිකට නෙලලා.. මැච් එක ගොඩ දාගෙන එද්දි අවුට් උණොත්.. හුප්පෙ තමයි..
කොහොම උනත් චතුරලා දැංවත් ඔය විදිහට කතා කරන එක ගැන අපි සතුටු වෙන්න ඕන... කොහොම උනත්.. නියම ගානට ඔලුව අතගාලා ටොක්ක අනින්ට නම්.. චතුර.. හිරු එකේ රංගනගෙන් ටියුෂන් එකක් ගන්ට වටිනවා..