Wednesday, November 11, 2015

සෝභිත සමිඳුනි .. නිවන් සුව!

            
සොයමින් නිවන් මඟ අතහැර මඟසැපවත්
දහමින් උගත් බෙදමින් දම් රස සරුවත්
නැගිටිය යුතු තැනදි නොතැකූ තමදිවි වත්
හිමියනි අපයි අසරණ නුඹ වියඅපවත්
  
සැම විට පතළ කළ කරුණා සෙනේසිත
උස් මිටි කමක් කළු සුදු භේදයක්නැත
හිමියනි නුඹ පැතුව යහපාලනේමත
හෙළ බොදු ලකුණ වෙන කාටත් වඩාඇත
  
නිසැකව මතු හෙළයෙ දම් මල් පිපේවා
යහ ගුණ දහම මිනිසත්කම් රැකේවා
නුඹ පැතු ලොව ම අප හට මතු ලැබේවා
නිබඳව මතු නිවන් මඟ මුණගැසේවා
  

2 comments:

  1. බුකියෙන් දැක කියවුවෙමි. අගේ ඇති පබැදුමක්..

    ReplyDelete
  2. නිර්මාණාත්මක අතින් ඉහළයි

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..