Wednesday, September 16, 2015

හීන, ජීවිතය සහ පොත්

            
සාහිතේ මේ තරම්ආවට
ලාබ නෑ ඔය තරම්කීවට
පෝලිමේ ඉඳ අරංනාවට
මා ළඟත් පොත් තිබෙයිලාවට
  
ජීවිතේ හරි හම්බකරපු
දේ තමයි "ඒ හීන"විඳපූ
හීන වල ජීවිතේලියපූ
නෑ කෙනෙක් තව ලොවේහිටපූ
  
වේදනා මතකයන්විතරයි
පෑදුනා නම් සැබෑතිමිරයි
බාවනාවක සුවේපවරයි
මා මගේ හීනයේගොදුරයි
  

7 comments:

  1. පිස්සු වගේ ඈ....


    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. මා මගේ හීනයේ ගොදුරයි

    ReplyDelete
    Replies
    1. උඹ කියන්න හදන්නේ "උඹ හීන මත්තේ හිඳිමින් ජීවිතයේ විඳින්න ඕනෑ දෑ විඳින එකෙක්" කියන එක කියලයි මම නම් තේරුම් ගත්තේ ඈ

      Delete
  3. අපූරු සඳැස් කවක්...

    ReplyDelete
  4. පොත් පත් වලට වෙන් කල ඉඩ මා....... බාලේ
    බත් පත සොයනු ලෙද යොදවමි මේ..... කාලේ
    අත් තටු බැඳන් අද යමි යන්නන්........... වාලේ
    වත් පොත පමණි මගේ තනියට අද....... සාලේ :'(

    ReplyDelete
    Replies
    1. පොත් පත් වලට කළ යුතුමය මිත ආලේ
      හිත් නරකය යවන්නට යන්නන් වාලේ
      වත් පොත වුවද නරකම නැත මේ කාලේ
      හත් මුතු පරපුරට බත සෙවුවද රාළේ?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..