Friday, September 4, 2015

බැරිදා විග්‍රහය ! ප්‍රශ්න නගන්නට පෙර..

පසුගිය දින කිහිපයේ දැවෙන ප්‍රශ්න කෙරෙහි මා හට අවධානය යොමන්නට නොහැකි විය.. දැන් බැලූ විට..ඉන් ප්‍රධාන ප්‍රශ්න තුනක් මම හඳුනාගත්තෙමි..
1. කොකාකෝලා ප්‍රශ්නය ගැන අනුර කුමාර කතා නොකිරීම
2. මත්තල එයාර්පෝට් එකේ වී ගබඩා කිරීම
3. මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමා ජනාධිපතිතුමා එන විට අසුනින් නැගිටීම.

මෙම කාරණා තුනේදී ම දක්නට ලැබෙන්නේ අතිශය අන්තවාදී අදහස් වීම කණගාටුවට කරුණකි..

පළමු කාරණය සැළකූ විට.. කොකාකෝලා .. සමාජයට හානිකර දෙයක් බව අප දැනුවත් වන්නේ අදක ඊයෙක නොවේ.. එහෙත්.. සිගරැට් සමාගම් වලට මෙන්ම කොකාකෝලා සමාගමට ද ඇති කිසියම් සෘජු හෝ වක්‍ර බලයක් නිසා.. කිසිවෙකුට මේවා තහනම් කිරීමට තරම් හයියක් නැත. සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද දානවාට වඩා.. සියයට දාහක ප්‍රමාණයකින් සාර්ථක වන ක්‍රමය .. සිගරැට් තහනම් කිරීම බව ජනාධිපති තුමා වුවද නොදන්නවා විය නොහැකි වුවත්.. එසේ තහනම් කිරීම ගැන එතුමා වචනයක් වත් කියන්නේ නැත. ජවිපෙ කියන්නෙත් නැත.. එජාපය කියන්නෙත් නැත.. ශ්‍රීලනිපය කියන්නෙත් නැත..
කොකාකෝලා පැනයද එසේම ය... මෙය වඩාත් උග්‍ර වන්නේ.. කොකාකෝලා කර්මාන්තශාලාවට යන තෙල් බටයකින් තෙල්.. කැළණි ගඟට කාන්දු වීම හරහා ය.. එසේ වතුර හරහා අපට විස එක් නොකළත්.. කොකාකෝලා මින් පෙරද දිගින් දිගටම අපේ ශරීර වලට විස එක් කළ බව නොරහසකි.. කෙසේ වෙතත්.. අලුතින් ඇති වූ තත්වය.. කොකාකෝලා වලට එරෙහි වීමට.. පැහැදිලි සාක්ෂියක් ලබා දෙයි.. මුලින් කොකාකෝලා සමාගම තහනම් කළ රජය, යළිත් එම තහනම හකුලාගෙන ඇත. ඉන්පසු කිසිවෙකු ඒ පිළිබඳව හඬ නගන්නේ නැත. ජනාධිපති තුමාත් නැත.. ජවිපෙත් නැත.. එජාපෙත් නැත.. ශ්‍රීලනිපෙත් නැත.. ඒත් කාටත් ප්‍රශ්නය ජවිපෙ සද්ද නැති එක ගැන වීම.. මහා උභතෝකෝටිකයක් නොවන්නේද? සැබෑ ප්‍රශ්නය පසෙක තබා.. දේශපාලන ඇහින් කිසිවෙකුට හෝ මඬ ගසන මේ පිරිස.. ඇත්තෙන්ම බයියන් ලෙස හැඳින්වීමේ වරදක් මා දකින්නේ නැත..


දෙවැනි කරුණ ද එසේමය.. ඇතැමෙකු.. එය මත්තල ගුවන්තොට හැදූ අයට මඩ ගසන්නට යොදා ගනී.. තවකෙකු.. එය වී ගබඩා කරන්නට තීරණය කළ අයට මඩ ගසන්නට යොදා ගනී..
ගුවන්තොට හදා හමාරය.. ඒ හැදිල්ල වැරදි බව කාටත් තේරී ත් හමාරය.. ඒවා හැදූ අය බලයෙන් පන්නාත් හමාරය.. දැන් ඒ ගැන තව දුරටත් කතා කිරීමෙන් ඇති ඵලය කිම?
මේ වන විට අපගේ වී ගබඩා (පසුගිය දෙසැම්බරයේ රටින් ගෙනා සහල් ගබඩා කිරීම නිසා) පිරී ඇති බැවු අද දයා ගමගේ මහතා කියනවා ඇසුණි. ඒ නිසා ම වී ගබඩා කිරීමට තැනක් නැති කමින්.. වී මිළදී ගැනීම ඉතාම පසුගාමී තත්වයකට පත්ව ඇත්තේ වී ගොවියා අසරණ කරමිනි.. මෙයට තාවකාලික විසඳුමක් ලෙස.. නිකං වහලා තියෙන ගුවන්තොටේ ගබඩා සංකීර්ණය යොදා ගැනීම දේශපාලන කෝණයෙන් නොබැලුවොත්.. එය අවස්ථානෝචිත ක්‍රියාවක් ලෙස දැකිය නොහැක්කේද? මේ නිසා තව දුරටත්.. මහින්දට හෝ රනිල්ට මඩ නොගහා.. සිදු වන දේ දෙස ඉවසිල්ලෙන් බැලුවොත් යහපත් බව මගේ හැඟීමයි...

තුන් වැනි කාරණය නම් මහින්ද පාර්ලිමේන්තු යාමෙන්.. හෑල්ලු වන්නේය යන අදහසයි.. එහෙත්.. මහින්ද පාර්ලිමේන්තු යා යුතු බව.. මහින්ද මෙන්ම.. මහින්දට ඡන්දය දුන් ජනතාවත් තීරණය කර ඇත.. මේ දුක් වන අය දුක් වන්නේ අවංකව නොවේ.. කින්ඩියටය.. දැන් මහින්ද කෙරෙහි අනුකම්පාවක් අවැසි නොවේ.. හොඳට හෝ නරකට ඔහු දැන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ය. අප කළ යුත්තේ සිදුවන දේ දෙස ඉවසිල්ලෙන් බලා සිටීම මිස.. ඔහුගේ නැති වූ ගෞරවය ගැන පුන පුනා කතා කරමින් ඔහුව තව දුරටත් තලා දැමීම නොවේ..

ප්‍රශ්න නගන්නට පෙර .. අප... ප්‍රශ්නය කුමක්දැයි.. සොයා බැලිය යුතුය..

5 comments:

  1. එක හා තුන සමග ඔබ හා එකගයි. දෙවැන්න ගැන නම් ගැටලුවක් ඇත. මත්තලට දැන් ගුවන් ගමන් සිදු වුවත් නැතත් එය ජාත්‍යන්තර ගුවන් තොටකි. එය දියුණු කරගන ගුවන් ගමන් ලබාගන්නවා විනා. එහි ගබඩා තුළ වි ගබඩා කිරිමෙන් ජාත්‍යන්තර ලයිසොමට කෙලවෙන්නට හැකිය. එසේම වී ගබඩා කරන්නට වෙන තැන් ඇත්තේම නැද්ද? නිවැරදි ඉදිරි දර්ශනයක් අනුගමනය කළොත් මත්තල ගුවන් තොටත් හම්බන්තොට වරායත් අපේ රටට ආශිර්වාදයක් ම වනු ඇත. මහින්ද වරද්ද ගත්තේ ඒ සැලසුම් ඉදිරියට තබා කඩිනම්න් මේවා විවෘත කිරිමයි.

    ReplyDelete
  2. MATHTHALA AIRPORT EKE V GABADA KOTA THAVA IDA ATHNAM HARAK BANDIYA HAKIYA

    ReplyDelete
  3. එක හා තුන ගැනනම් එකඟයි මාත්. මත්තල හදපු එකනම් වැරදියි. ඒ කාලෙත් මම කොමෙන්ට් කරල තියනවා. හැබැයි වී ගබඩාකරන එකනම් අන්තිම වැරදියි. වී ගබඩා කරන්න තැනක් තිබුනෙම නැද්ද
    ඕක හදල තියෙන්නෙ වී ගබඩා කරන්න නෙමෙයිනෙ.
    මේ රටේ වී ගබඩා කරන්න තැනක් නෑ කියන එක ඔබ කොළ පාට කන්නාඩියක් දාගෙන යි කියන්නෙ.මොන විහිලු කතාවක්ද ඒක. අන්තවාදී වෙන්න එපා මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. මගේ කණ්ණාඩියේ පාට ගැන මං විග්‍රහ කරන්නෙ මොකටද? .. මේ රටේ වී ගබඩා පහසුකම් නෑ ය කියන්නෙ නිලධාරීන් නේද? පහසුකම් තියෙද්දි.. මත්තල ඒ සඳහා පාවිච්චි කරා නම්.. ඒක තනිකර දේශපාලන කුහකත්වයෙන් කළ දෙයක්..ලෙස දකින්න පුළුවන්.. ඉතා පැහැදිලිව.. කවුරු උනත්.. කියන්නෙ තමා සතු වූ කරුණු අනුව.. සමහර විට මා දන්නා කරුණු වැරදි ඇති.. මූලික වශයෙන් මං කිවුවෙ.. ප්‍රශ්නය හරි හැටි නොහැඳින.. එක වර කාටවත් චෝදනා කරන්ට නාකයි කියන අදහස..

      Delete
  4. වී ගබඩාකර ඇත්තේ මත්තල ගුවන් පථයේ හෝ පරිශ්‍රය තුල නොව එහි ඉදිකර ඇති ගබඩා තුල බවයි ආරංචිය. මම දැක්කෙනම් නැහැ. කොහොමත් මත්තල ගුවන්තොටුපල පර්යන්තයේ පිහිටුවල තියෙන ගබඩා වලට දාන්නත් බඩු නැතුව ඇතිනේ නේද?

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..