Friday, August 7, 2015

දියවන්නා රිටි පැනීම..

මනාපයක් ඉල්ලාගෙන හැම තැන ...............රිස්සේ
දනින් වැටි වැටී ගොහොරුවෙ පිරි මඩ .........ඔස්සේ
වසන්තයක කොඩි ඔසවා වෙළකට ............බැස්සේ
රුවන් සක්මණින් ගොස් බොහො කලකට ....පස්සේ

බඩ මහතයි ඒක ලෙඩක් මගෙ වරදක් ......නොවෙයි
පෝස්ටර් ටිකත් ණයටයි.. මගේ සල්ලි .....නොවෙයි
දියවන්නා රිටි පැනීම ගතට වෙහෙස .......නොවෙයි
හිතට දුක උනත් පනින්නෙ . මුදලට හෙම නොවෙයි

බෙදා හදා කන එක ගැන කියල' දුන්නු ...........අයයි
සදා තනිව කන හැටි පෙන්නලා දුන්නු ............අයයි
මෙදා නොකා පස්සෙ කන්න පෙරුම් පුරන ....අයයි
සුදා වෙළේ ඉද්දි ෆයිල් ඉස්සුවෙ මේ .............අයයි

මට්ටු කරන්නට මේ අය මඟක් නැද්ද .............ඔබට
තුට්ටු දෙකේ ලණු මොකටද එල්ලෙන ........පාලමට
රට්ටු මොනා කීවත් අපි බය නැහැ ඔය ........හෙටට
කිට්ටු වෙයල්ලා හනිකට "සීලරතන" .............හිමිට

4 comments:

  1. සීලරතන කියන්නේ සිවුරක් ඇඳගත්ත විකට නළුවෙක් නේද මෙයා

    ReplyDelete
    Replies
    1. සිවුරකුත් දාගෙන ඉන්නවා ..විකට ගතියක් නම් තියෙනවා.. නළුවෙක් ද කියලා නම් දන්නෙ නෑ...

      Delete
  2. ගාන සබන් මොනවද දන්නේ නෑ හරි පින් පාටයි
    පේන විදිය අනුව මෙමා උන්ට හරි....... මනාපයි
    ඕන පුකක් ප්‍රීති වෙසක්... අපේ 'මොටෝ' ගානයි
    නාන සාර උනත් මෙදා.... ගොඩ යනවා නියතයි :/

    ReplyDelete
    Replies
    1. දැක්කෙ දැනුයි ඒ කවියේ අදහස නම් නියමයි
      ඒ වුණාට නානසාර ගොඩ ගියෙ හිර ගෙදරයි
      සෑම දාම පරදින්නේ පරදින අය ....විතරයි
      ඒරොප්පෙට පිම්ම පනිමු නැත්තං අපි ඉවරයි

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..