Wednesday, July 29, 2015

බැරිදා විග්‍රහය.. !මේ පාරවත් ඡන්දෙ දාමුද කෙළිං.. හිටං..?

මහින්ද රාජපක්ෂ කියන දූෂිත පාලකයට ආයෙත් බලයට එන්න අපි ඉඩ තියන්නෙ නෑ..
රට ආයෙත් යුද්ධයකට ගෙනියන යූ ඇන් පී පාලනයකට අපි ඉඩ තියන්නෙ නෑ..
ඔය වගේ කතා නිතරම ඇහෙනවා..
ඇත්තටම මෙයාලා කොහොමද එහෙම කියන්නෙ.. එහෙම කරන්න මෙයාලට තියෙන්නෙත්.. ඔයාලට අපිට තියෙන අයිතියම නේද? ඒ අයිතියෙන් කොහොමද අපි ඒ ගැන ලංසු තියන්නෙ.. ?
එයාලටත් .. අපිටත්.. පුළුවන් එක දෙයයි.. ඒ .. තමන්ගෙ කැමැත්ත ලකුණු කරලා එක ඡන්දයක්.. දාන්න.. කොච්චර කෑගැහුවත්.. ඔයිට එහා දෙයක්.. නීත්‍යනුකූලව නං කොරන්ට බෑ හිටං.. මිනිස්සු ඡන්දෙ දුන්නොත් එපා කියන්ටද? ඒ නිසා නිකං වහසි බස් දොඩවන්නෙ නැතුව.. එක එකාට බනින්නෙ නැතුව.. තමන්ගෙ සංවර්ධන වැඩ පිළිවෙල ඉදිරිපත් කරා නං.. ඒවා ගැන මිනිස්සු දැනුවත් කරා නං.. ඒවා ක්‍රියාත්මක කරන්ට අවශ්‍ය පසුබිම හැදුවා නං.. නාකද මං අහන්නෙ.. ?
මහින්දගෙ සුන්දර පොරොන්දු ටික වගේ ම චෝදනා පත්‍රයත් ඉතිං මානසික ඉහිල් වීමකට කියාපු විහිළු ටික..
රනිල් ගෙ.. කතා වලත් මෙලෝ රහක් නෑ.. කියන්නෙ එකම ටික.. ටික වෙලාවක් අලි බබා සහ හොරු හතලිහ පට්ට ගහලා.. ඊට පස්සෙ කියනවා.. අපි රැකියා ලක්ෂ 10ක් දෙනවා කියලා..අගමැති වෙලා අවුරුදු 5කින් රැකියා ලක්ෂ 10ක් දෙන එක මහ කජ්ජක්ය..(මාත් හිතාන ඉන්නවා.. (අඩු ගානේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී කමක්වත් නැතුව..grin emoticon ) රැකියා 10ක් විතර දෙන්න ඉදිරි අවුරුදු පහේ.. හිකි හිකිස්..)
අනුර කුමාර උන්නැහේ.. දුම්මල වරම අතට අරං.. ඉස්සෙල්ලම රාජ පස්ස පතුරු ගහනවා... ඊට පස්සෙ.. රනිල් ගොයියවත් පොඩ්ඩක් කොනිති ගහනවා.. අන්තිමේ කියනවා.. රට හදන්ට පුළුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි කියලා..
ඒ අතින් අපේ ෆොන්සේකා මහත්තැන් හොඳයි.. හිටපු රජා ගැන කියද්දි පොඩ්ඩක් තද වෙනවා තමයි.. අඩුම ගානෙ.. සාධාරණ ඉල්ලීමක් ජනතාවගෙන් කරනවා.. මොන පක්ෂෙන් හරි.. හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු එවන්ට කියලා.. ඒ මහත්තැන් තේරුම් අරන් තියෙනවා.. වෙලාවෙ හැටියට රටේ අවශ්‍යතාවය..
අපේ මිනිස්සු එහෙම ලේසියකට මේ කාලකන්නි පක්ෂ අතෑරලා.. තමන්නෙ දැන ඇඳුනුම්කම්.. අතෑරලා.. වහල් බව අතෑරලා.. තමන්නෙ වාසිය අතෑරලා.. හැබෑ මිනිස්සු විදිහට කෙලිං හිටගන්ට කැමති නෑ.. හිටං..
අපේ ඒ ගොංකං නිසා.. මේ රටේ බිහිවුණු රාජ්‍ය නායකයො කී දෙනෙක්.. නං..
හොරු.. මංකොල්ල කාරයො.. පාතාලයො.. කුඩු කාරයො, එතනෝල් කාරයො බවට පත් වුණා ද?
මේ පාරවත් ඡන්දෙ දාමුද කෙළිං.. හිටං..?

10 comments:

  1. බලාගෙන යද්දි කවුරුත් එකයි. කවුරුත් බයිලා කියලා අපව රවටන එක තමයි කරන්නේ. දියසේන ක්‍රමාරයා උපදින්න තව කල් තියෙනවා වාගේ.

    ReplyDelete
    Replies
    1. තමුසේ ඉතින් මරාගේ පුක ලෙවකන්නේ සෑහෙන කාලෙක ඉඳලානේ. බලනවකො 18 වෙනිදා උදේ රනිල් අගමැති. මරා පුකෙන් යනවා.

      Delete
    2. ඇට අටෙන් පටන් ගත්තේ .....

      ඉවර උනේ
      01. කළු ජූලිය
      02. 83 වරජකයින් මරලා
      03. කලගෙඩි ලාම්පු නටලා
      04. කොල්ලෝ බුරුතු පිටින් මරලා
      05 ඉන්දියන් හමුදාව ගෙන්නලා.
      06 රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට විකුණලා
      07 අන්තිමට මහා බැංකුවටත් ගේම දීලා ...


      දැන් එන්න හදන්නේ ඇත මිට සරු කරන්නකියාගෙන
      කරන්න හදන්නේ

      01. ඉතුරුබැංකු ටිකට කෙලවන්න.
      (සුදීෂ මහත්තයෝ බැංකු ටිකට ගේම දෙන්න රනිල් ලොක්ක වැලි කෑවා නේද කලින් වතාවේ.)
      02. විදුලි බල මණ්ඩලයට කෙලලම දාන්න

      Delete
    3. නිරන්ජන් : ඇත්තට.. ඔය දියසේන කුමාරයා ඉපැදුණත්.. ඡන්දෙට එයිද? මේ.. විකාර දැක .. දැක..

      Delete
  2. මම නං දන්න එවුන්ට කියන්නෙ එක දෙයයි. උංගෙ දේශපාලන මත වෙනස් කරන්න බැරි නං මොන පක්ෂයට ඡන්දෙ දුන්නත් කමක් නෑ හොඳ මිනිස්සු තුන් දෙනෙකුට මනාපෙ දෙන්න.

    අපේ ඡන්දය වෙනස් කරන්න ඔවුන්ට පුළුවන්. මෙහෙමයි,
    මිනිස්සුන්ට ප්‍රශ්න තියනකොට පාලකයන් ලඟට යනව/යන්න වෙනව ප්‍රශ්න විසඳගන්න. පාලකයන් ඔවුන්ව ප්‍රයෝජනයට ගන්නව ඡන්දය වෙනුවෙන්. ප්‍රශ්න ටික එහෙමම තියෙන්නහරිනව. ප්‍රශ්න නැතිවුනොත් මිනිස්සු එන්නෙ නෑ. ඕක තමයි විශම චක්කරේ.

    ReplyDelete
    Replies
    1. රයිට් මං රනිල් මහත්තයටයි, මහින්ද මහත්තයටයි, පොන්සේකා මහත්තයටයි කතිරෙ ගහනවා

      Delete
    2. රාජ්.. ඔවු.. ඒක තමා.. ඉතිං..විකල්පෙ..

      Delete
    3. විදානෙ.. රාජ් කිවුවෙ.. හොරුන්ටයි මිනීමරුවන්ටයි ඡන්දෙ දෙන්ට කියලා නෙවෙයි.. :D

      කෝම උනත්.. හොඳ මිනිස්සු තුන් දෙනෙක් හොයන එක තමයි කාරිය.. අපේ පැත්තෙ.. (කෑගල්ල දිස්තිරික්කෙ) ඉල්ලනවා.. තුසිතා විජේමාන්න කියලා දොස්තර නෝනා කෙනෙක්.. යූ ඇන් පී එකෙන්.. ඒ ඇරෙන්ට හොඳයි කියලා විස්සාසයක් තියන්ට පුළුහං එකෙක්වත් නෑ..

      Delete
  3. රැවටීම් රැවටීම , අපේ මෝඩ හැත්තෑ රවටන්න ලේසියි . කපටි එවුන් අපේ එවුන්ව හැමදාම රවටනවා. අපි හැමදාම රැවටෙනවා. ඒ උනාට කතා කරන්න ගියාම මුන්ට වැඩ එවුන් නැ . මුන් නොදන්න දෙයකුත් නෑ

    ReplyDelete
    Replies
    1. නොදන්නා බව නොදන්නා කම ද තියෙන්නෙ..?

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..