Sunday, May 10, 2015

සුසර කරනු මැන හදවත හැමදේ හුරුවන්නට



අපි හැමගෙම සතුට නමින් කරගැට ..........පීදිච්චි
ඔය අත් දෙක රිදෙනවාද දැන් මයෙ ........අප්පච්චි
ගත වයසට ගිය වේගය වැඩි වගෙ ........තේරිච්චි
හිතට දුකයි ඒත් ලෝක දහම .........මේක වෙච්චි
මගේ ඇහින් ලොව දකින්න කෙරුවත් නුඹ ආලේ
අපි දෙන්නට හරස් වෙයිද අපි දෙන්නගෙ ..කාලේ
ලංකාවෙම කප් ගැහුවත් ඉලංදාරි .............බාලේ
හැංදෑවට කලුවරමයි උරුම හැබෑ .............තාලේ
සසර දිගයි සිදු වෙනවා ඇති දේ ...........ඉවසන්නට
වසර වසර ගෙවෙනායුරු හැකි වෙද .....සමරන්නට
සුසර කරන් හදවත හැම දේටම ......හුරු වෙන්නට
හසර ඉඩ ලබනු මැන හැකිනම් භව .... ජයගන්නට

පසුගිය අප්‍රියෙල් 21වන දිනට යෙදුණු මාගේ ආදරණීය අප්පච්චිගේ 72වැනි ජන්ම දිනය දා ලියන ලද්දකි..

6 comments:

  1. බොහොම ලස්සන කවි පෙලක් මල්ලී..
    මගෙ අප්පච්චිත් මේක නම් ජයගත්තු කෙනෙක්..
    "සුසර කරන් හදවත හැම දේටම ......හුරු වෙන්නට"
    මම එච්චර දක්ෂ නෑ කියල තේරෙන්නේ දැනුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... අයියගෙ.. අප්පච්චි.. කොයි තරං දක්ෂ ඇත්ද එහෙනං..???

      Delete
  2. අගේ අැති කවි පෙළක්........... අප්පච්චීට අපි දීර්ඝායුෂ පැතුවාය කියන්න....

    ReplyDelete
  3. හරිම ලස්සනයි, චතුර මල්ලී. ඒ කාලෙ අප්පච්චිලා හරිම දක්ශයි. අද දරුවන් කම්මැලියි, පරිගනකයටම යොමු වෙලා ගත වෙහෙසන්නේ නෑ. අප්පච්චීට තෙරුවන් සරණින් දිගාසිරි!

    ReplyDelete
    Replies
    1. සාධක වෙනස් වුණා ම ප්‍රතිඵල වෙනස් වෙනවනෙ අක්කෙ.. බොහොම ස්තුතියි.. අක්කටත්..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..