Saturday, January 31, 2015

නව රජය එක්ක නව බලාපොරොත්තු

නව ජනපතිවරයෙකු යටතේ .. නව අගමැතිවරයෙකු යටතේ.. දින විස්සක පමණ කාලයක් ගෙවී ඇත.. රටේ වෙනසක් සිදු වී ඇත්දැයි... සිතා බැලිය යුතුයැයි සිතේ..
ආර්ථික වශයෙන් ජනතාව වෙත තිබූ පීඩනයේ කිසියම් අඩුවක් ඇත. විශේෂයෙන්.. පෙට්‍රල්.. ඩීසල් සහනය එයට බෙහෙවින් බලපායි.. එහෙත්.. පසුගිය කාලයේ .. අධික ලෙස මිල ඉහල ගිය.. රතු කැකුළු සහල්.. සහ එළවලු වලට යම් සහනයක් දීමට රජය අපොහොසත් වී ඇත..
මානසික නිදහස අතින්.. පොදු ජනතාව ලද සහනය මෙතෙකැයි කිව නොහැක.. හිටපු ජනපති විසින්.. එක මිට ට ගෙන තිබූ .. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය.. නිදහස ලබමින් තිබේ.. දැන් රජයට හෝ .. ජනපති ට විරුද්ධව කතා කරන්නට ජනතාව බිය නැත.. ඉස්සර.. බෝම්බ ගැහුවත් මුඛ අධෝ මුඛ වසා සිටි අය.. දැන්.. වාතයක් ගියත්.. එයට එරෙහිව කතා කරයි.. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සාධනීය ලක්ෂණයකි..
තවමත් ඉඳ හිට.. තමන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්වන ඇතැම් පිරිස්.. කලහකාරී ලෙස හැසිරෙති.. ඊට එරෙහිව නිරායාසයෙන් සෘජු පියවර ගැනීමට තවම පොලීසියට පුරුද්දක් නැතුවා විය යුතුය... එහෙත්... පසුව හෝ නීතිය ක්‍රියාත්මක වීම පැසසුම් කටයුතුය..
මේ මෑත කාලීන ඉතිහාසයේ මේ රටේ සිදු වූ අති විශිෂ්ඨතම සමාජ පෙරලියක් ලෙස ඉතිහාසගත වන්නත ඉඩක් නැතැයි මම නොකියමි.. එහෙත් පුරවැසියන් ලෙස සක්‍රීයව හා විවේචනාත්මකව පවතින රජයට.. ප්‍රායෝගිකව සහාය දිය දීම අපගේ වගකීම ලෙස මම දකිමි..
ජනපති තුමනි.. අගමැති තුමනි.. ඔබ දෙදෙනා පිළිබඳ සැකයකින් තොරවම රටේ බහුතරයක් විශ්වාසය තබා ඇත.. එම විශ්වාසය පළුදු නොකිරීම ඔබ සතු යුතුකමකි.. ඒ පමණටම.. ඔබගේ ඇමති මණ්ඩලය ගැන විවිධ.. සැක සංකා අපට ඇත.. දින සියයේ වැදගත්ම කටයුත්ත ලෙස මා දකින්නේ.. වඩාත් ප්‍රායෝගික.. වඩාත් කාර්යක්ෂම මැතිවරණ ක්‍රමයක්.., පාර්ලිමේන්තු ව්‍යූහයක්, ස්වාධීන වූ අධිකරණයක් සහ පොලීසියක්.. නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සහ සමාජ වටපිටාව නිර්මාණය කිරීමයි.. ඒ මතින්.. දින සියයෙන් පසුව.. බොහෝ යහපත් දෑ රටට දායාද කළ හැකි වනු ඇත.. ඒ සඳහා පුරවැසියන් වූ අපට ඇති වගකීම නම්.. නායකත්වයේ යහපත් සංකල්ප මත පිහිටා.. රටේ දියුණුව හා සංවර්ධනය සඳහා.. අවශ්‍ය ආකල්පමය වෙනස සක්‍රීය කිරීමත්.. කිසි ලෙසකින්.. තෝන් ලනුව අත නොහැරීමත් ය..
වෛරී දේශපාලනය තුරන් වෙමින් තිබීම.. රටේ වාසනාවකි.. මරා කඳවුරේ අනාතයින් ඉතා සුළු පිරිසක් පමණක් බියකරු සිහින දකිද්දී.. මුළු රටම.. ජනතා ජයග්‍රහණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටීම.. අගය කළ යුතු අතර.. එම ක්‍රමය.. පෝෂණය කරමින් ශක්තිමත් කළ යුතුය..

Monday, January 19, 2015

මෙත් පුරය..1



මෙත්පුරය වනාහී.. අතිශයින්ම සුන්දර වූ හැඟීම් වලින් පිරිපුන් වූ මිනිසුන් පිරිසක් වෙසෙන පුරවරයකි. එය ලෝකයේ සංස්කෘතික රාජ්‍යයක් ලෙස නම් කෙරුණේ .. එපුර වැසියන්ගේ සභ්‍යත්වය හා යහපැවැත්ම නිසාමය.. 

ඉතා සුළු කාල පරාසයක් තුළ ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ඉතා ඉහල සංවර්ධනයක් ලබා ගත්.. මෙත්පුරය.. මුලු ලොවටම ආදර්ශයකි.. වත්මන් මෙත්පුර නරෝත්තම මෙත් මහ නිරිඳු ට ප්‍රථම රාජ්‍ය කළ 9 වැනි මිහිඳු නිරිඳු සමයෙහි පැවැති ස්වරූපය සහමුලින්ම වෙනස් කිරීමේ කතාන්තරය මෙබඳුය..

මීට කෙටි කලකට පෙර.. මිහිඳු නිරිඳු.. සිය රාජ්‍ය බලය ගැන මහත් සේ උදම්ව.. ගම් නියම් ගම් කොල්ලකමින්ද.. එතනෝල්, කුඩු ආදී.. විපරීත දෑ ජනයාට ඇබ්බැහි කරවමින්ද.. රාජ්‍ය කරනා කල්හි.. දුක් විඳින.. ජනතාව ගැන දැනුණු අප්‍රමාණ ශෝකය නිසා ම.. මිහිඳු නිරිඳු සමඟ ආප්ප කමින් සිටි මෙත් යුව රජ හා එක්ව මන්ත්‍රණය කොට .. බටහිර සහ ඊලාම් සහාය ද ඇතිව.. මිහිඳු නිරිඳු එලවා.. මහ රජ තනතුර මෙත් නිරිඳුට ලබා දීමට කටයුතු කළෝ... පැරකුම් කුමරු ය.. මාස දෙක තුනක කුමන්ත්‍රණය අවසන බලය ලබාගත් මෙත් මහ නිරිඳු වටා ගොඩ නැඟුණු හොර පවුර.. නායකත්ව පවුර ට ත් වඩා ලොකුයැයි කී අයත් සිටිති..

කිසිවෙකුටත් නොයටත්ව.. අදීනව.. තම නුවණ මෙහෙයැවූ මෙත් නිරිඳු.. යුවරජ.. හා පුරෝහිතවරු සමඟ එක්ව මෙපුර.. ශෝභාමත්.. සුන්දර පුරවරයක් කරන්නට ගත් අභීත පියවරයෝ මනස්කාන්ත ය..

පළමුව.. ඔවුහූ පැන යන අයට පැන යන්ට ඉඩ දුන් හ..
දෙවැනුව.. ඉතිරි වූ හොරුන්ගේ සහාය ලැබ ගත්තෝය..
තෙවැනුව..එපුර.. යහ පාලනය ගොඩ නැඟූහ..

දැන් මෙපුර.. වැසියෝ .. බොරු නොකියති..
ප්‍රාණඝාත නොකරති..
කොටින් ම පන්සිල් රකිති..
ඔවුහූ ධනය ට ආශා නැත..
ධනය ඇතිව හෝ නැතිව.. අනෙකාට උදවු වෙති..
රජයේ සේවකයෝ ඉහළ වැටුප් ලබති..
පොලිස් නිලධාරීන්.. ඉතා විනීතය..
පොලිස් ස්ථාන වල.. අපරාධ විමර්ශන, පැමිණිලි හා සුළු පැමිණිලි ඒකක වැසී ගොස් ය.. ඒ අංශ වල සිටි නිලධාරීන්.. සුබසාධක හා සංරක්ෂණ ව්‍යාපෘති වලට අනුයුක්ත කොට ඇත..

පාර්ලිමේන්තුවේ අසුන් 225 අසුන් 50 ට අඩු කරමු කියාත්.. වැටුප් මිස .. විශ්‍රාම වැටුප් අවශ්‍ය නැත කියාත්.. පලාත් සභා ඕනෑම නැත කියාත්.. මීළඟ ඡන්දයකදී.. පක්ෂ භේද ඉවත ලා.. ජනතා කැමැත්ත මත.. අදාල සංයුතිය තෝරා ගැනීමටත්  සියලු දේශපාලන පක්ෂ වල එකඟතාවය මත තීරණය කැරිණි.. 

විදේශිකයන් රැකියා වලට බඳවා ගැනීමේදී.. ඔවුන් හට යහපාලනය විශේෂ පුහුණු වැඩමුළු පැවැත්වීමට රජය තීරණය කර ඇත.. 

විදේශිකයින්.. මෙත් එයාර් ගුවන් සේවය භාවිතා කිරීම අත්‍යවශ්‍ය නොවූවත්.. මෙත් එයාර් ගුවන් සේවය.. වඩාත්ම විශ්වාසදායී ගුවන් සේවය බව රජය මඟින් සිදු කළ ස්වාධීන සමීක්ෂණයකින් තහවුරු වී ඇත.. 

පොලොන්නරුවේ.. පිහිටා ඇති.. මෙත්ලක්...ජාත්‍යන්තර ගුවන් තොටුපල.. ලෝකයේ අද්විතීය ගුවන්තොටක් ලෙස සම්මානයට පාත්‍ර වූ අතර.. එහි ගමන් කරන යානා වලට.. මොණරුන්ගෙන් කිසිම ආකාරයක බාධාවක් නැතැයි.. පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි..

මෙත්වාහිණී.. රූපවාහිනී නාලිකාව මඟින් විකාශය වූ.. මෙත්ස්ටාර් නම් රියැලිටි වැඩසටහන මෙත්පුරයෙහි වඩාත්ම ජනප්‍රිය වැඩසටහන වෙයි..

මතු සම්බන්ධයි..