Thursday, November 27, 2014

බැරිදා විග්‍රහය.. පොදු සිරා!

ජනාධිපතිවරණය.. නීත්‍යානුකූල ද? කියන ප්‍රශ්නෙදි.. අපිට ලැබෙන්නෙ.. ඔවු කියන උත්තරේ.. මොකද අද පවතින්නෙ.. මරා නීතිය නිසා..
ඒ නිසා එය නීත්‍යානුකූල නැහැයි කියලා ගේ ම ඉල්ලන එක තේරුමක් ම නෑ..
මරා ට වඩා සිරා හොඳයි ද? කියන ප්‍රශ්නෙදි.. අපට කට උත්තර නැතිවෙන ගතියකුත් තියෙනවා.. එහෙම වෙන්නෙ.. මරා ගෙන් සිරා ට එල්ලවෙන මඩ ප්‍රහාරත් එක්ක.. එයිටත් වඩා මරා ගෙ සහෝදර ගැන්සියට වඩා දෙතුන් ගුණයක් ලොකු සිරාගෙ සහෝදර ගැන්සිය දැක්කාම බය හිතෙන්නෙ නැද්ද හෆ්ෆා.. මරා ට වඩා පොදු බූරුවෙකුත් හොඳයි කියලා වරක් අපේ සහෘදයෙක් කියලා තිබුණා..
ඒ කතාව ඇත්ත.. පොදු බූරුවෙක් හොඳ උනාට පොදු සිරා .. බූරුවෙක් නෙවෙයි නේ....
මගෙ පපු කැනැත්තට දැනෙන විදිහට.. ගියපාර ගෙනාපු ඇස් ඇෆ් එක්ක සිරා ව සංසන්දනය කරලා බැලුවම.. මට හිතුණේ සිරා ඇස්. ඇෆ් තරං මේ වැඩේ ට සුදුසු නෑයි කියලා.. ඒත් ඇස් ඇෆ්.. ඡන්දෙ පැරදිලා.. හිරේ ගිහිං.. තමන්නෙ සබ්බ සකලමනාව ම නැති කරගත්තට පස්සෙ ආයෙමත් දේශපාලනේ ට ආපු එක ගැන මට ටිකක් අවුල්.. මොකද .. උන්නැහැ කිවුවෙ.. ජනාධිපති වෙලා.. විධායකය අහෝසි කරලා.. දිරාමාරු වෙලා යනවා කියලනෙ.. එහෙවු උන්දැ දැන ගන්ට ඕන.. උන්දැට ආයෙ කවදාවත්.. අවස්ථාවක් නැති විත්තිය..
එක්කො උන්දැ හිතන්ට ඇති.. මං පැරදිලා මාරු වෙන එක මගේ තත්තෙට හරි නෑ කියලා.. නැත්තං හිතෙන්ට ඇති.. ළිඳට වැටුණා නං ලිං කටෙන් ම ගොඩ එන්ට ඕන කියලා.. එහෙමත් නැත්තං.. පෘතග්ජනයෙක් වෙච්ච උන්දැට හිතෙන්ට ඇති.. දේශපාලනේ කියන්නෙත්.. ලොවන්ටම වටින ලොලිපොප් එකක් කියලා..
දැං මට තියෙන පස්නෙ.. එහෙවු ඇස් ඇෆ් මහත්තැනුත්.. ලොලිපොප් එකට වහ වැටුණා නං.. සිරා මාමා ගැන අහවල් කතා ද? කියන එකයි..
කොයි හැටි වෙතත් මගේ තරාදිය තාමත් බර.. සිරා ගෙ පැත්තට.. ඒ අර අපේ සහෘදයෙක් කියලා තිබුණා වගේ හතුරු මිතුරු තියරියෙන්..
රට මගේ මිතුරා ය .. මරා රටේ හතුරා ය.. එනිසා මරා මගේ හතුරා ය..
මරා මගේ හතුරා ය... සිරා මරා ගේ හතුරා ය.. එනිසා සිරා මගේ මිතුරා ය..

6 comments:

  1. දන්නා තරමින් සිරා දැනට හොරෙක් නොවේ. ඉදිරියට හොරෙක් වේවිදැයි කිව නොහැකියි.ඒත් මරා ලෝක හොරෙක් දුෂිතයෙක් බව මුළු ලෝකයම දනී.ඒ නිසා දැනට හොරෙක් නොවනා සිරා හැර වෙන තේරීමක් මද්‍යස්ථ පොදුජනයාට නැත.
    පවුලක් ,සහෝදරයින් ,නෑයින් මිතුරන් නැති ,පරම පවිත්‍ර චරිතවත් ,අවංක නිහතමානී ,උගත් ,බුද්ධිමත් , තනිකඩයෙක්, ජනාධිපති ලෙස බලාපොරොත්තුවන අපේ වාහෙලා වහාම උන්ගේ ඔලු පරීක්ෂාකර ගත යුතුව ඇත .

    ReplyDelete
  2. //රට මගේ මිතුරා ය .. මරා රටේ හතුරා ය.. එනිසා මරා මගේ හතුරා ය..
    මරා මගේ හතුරා ය... සිරා මරා ගේ හතුරා ය.. එනිසා සිරා මගේ මිතුරා ය..//

    ගණන් පාඩම නම් එල කිරි..

    නියම සමීකරණේ...

    ReplyDelete
  3. එස්. එෆ් තරම් සිරා මේ වැඩේට ගැලපෙන්නෙ නෑ.සිරා තනිකරම චන්ද්‍රිකාගෙ රූකඩයක්.උරුම කතා කියන එකෙන් සිරාට මේක 21 වැනි සියවස බව අමතක වෙලා.ආණ්ඩුව දුර්වල බව ඇත්ත.ඒත් ආයෙ සී .බී. කේ ල ගේන එක නම් මහම චාටර්

    ReplyDelete
  4. සිරා ගැන මගේ මතයත් ඕක තමයි. අඩු නරක තෝරාගැනීම

    ReplyDelete
  5. SF මේ වැඩේට ගැලපෙනවා කියන්නේ කොහොමද බං. එයා ආවානම් අද අපිට ඉන්න වෙන්නේ ඉස්කොලේ 3-4 පන්ති වල වගේ වේවැලට යටවෙලා. රටේ තියෙයි හමුදා නීතිය.... එයාට වඩා නම් මහින්ද හොදයි

    ReplyDelete
  6. අශිලාචාර, අසම්මජ්ජාති මිනිහෙක් සරම උස්සන් පාරේ ඉන්න කොට ....ඌට විරුද්ධව පළමු ගල ගහන්නේ ලන්කට් එකක් විතරක් ඇඳන් ඉන්න මිනිහෙක් වුනත් මම ලංකට් කාරයාට අත්පුඩියක් ගහනවා.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..