Friday, January 10, 2014

කවිය හා පැදිය II

කවිය හා පැදිය නමින් මා ලියූ ලිපිය ම පාදක කරගෙන මෙම ලිපිය ලියන්නට සිතුවේ ෆේස් බුකියේ "සඳැස් කවි මඬුව" නමින් ඉවෙන්ට් එකක් අරඹා ඇති ජානි වසන්ති සොයුරියගේ ඉල්ලීමක් ද ඉටු කිරීමේ අරමුණ ද ඇතිවය..
පැදි වලට තමයි අපි සඳැස් කවි කියලා කියන්නෙ.. 

මෙකී පැදි.. ගී, සැහැලි, සිලෝ හා සීපද වශයෙන් ප්‍රභේද වෙනවා.. 

යහ ගී, දුවඟ ගී, පියුම් ගී ආදී වශයෙන් අනුදත් ගී විරිත් බොහොමයක් පවතිනවා.. මේ ගැන අප හිතවත් Shanaka Iroshana Peiris කිවිඳු අපූරු ගොනුවක් සකස් කර තිබෙනවා.. 
ගී විරිත්
මේවා බැලූ බැල්මට නිසඳැස් වගෙයි.. එහෙත් මේවා අයිති සඳැස් කුලයට..

සිවුපද හෙවත් සී පද යනු සඳැස් කවිය ඉදිරියට ගෙන ආ ප්‍රමුඛයාය. තවත් ආකාරයකට කියනවා නම්.. සඳැස් කවිය සමාජගත වූයේ සිවුපදයෙනි.. මෙලෙස අප විවිධ වූ විරිත් වලින් සිවුපද නිර්මාණ කරන අතර.. අනුදත් සිවුපද විරිත් බොහොමයක් ඒකරාශී කොට ශානක ඉරෝශන කිවිඳු විසින් ගොනු කිහිපයක් සකස් කර තිබෙනවා..

සිවුපද විරිත් 1

සිවුපද විරිත් 2

සිවුපද විරිත් 3

සිවුපද විරිත් 4

සිවුපද විරිත් 5

සිවුපද විරිත් 6

සිවුපද විරිත් 7

සිවුපද විරිත් 8

.. සැහැලි ගැන වැඩි පුර කතා නොවුනත්.. සැහැලි යනු "ගී" සහ "සිවුපද" මිශ්‍ර වූ පැදි විශේෂයක් බව තමයි පෙනෙන්නේ.. 

විකිබුක්ස් වල එබඳු සැහැලි ගැන ලියැවුණු ලිපි කිහිපයක් දකින්නට පුළුවන්.. 
සිංහල සැහැලි

සිලෝ යනු සංස්කෘත ශ්ලෝකයේ අනුසාරයෙන් බිහි වූ පැදි විශේෂයකි.. එය ඉතා රසවත් මෘදු භාෂා විලාශයක් අනුගමනය කෙරෙන මෙම සිලෝ කෝට්ටේ යුගයේ දී හෙළ සාහිත්‍යයට එක්වුණා කියලා තමයි සැලකෙන්නෙ.. මේ ගැන වැඩි විස්තර තියෙන ලිපියක් නම් හොයාගන්න බැරි වුණා.. එහෙත් කෝට්ටේ යුගයේ ලියැවුණු එළු සිලෝ ශතකය නම් අගනා ග්‍රන්ථය පිළිබඳව ලියැවුණු ලිපියක් පහත දැක්වෙනවා.. 

එළු සිලෝ ශතකය

මේ ආකාරයට ප්‍රභේද වන සඳැස් කවිය.. තුළ එළිවැට හා එළිසම ප්‍රභල තැනක් ගන්නේ.. සිවුපදය තුළයි.. නිවැරදිව යති පිහිටුවා ගායනය කිරීමෙන් මෙකී පැදි වල සුන්දරත්වය විඳ ගත හැකියි.. මෙතෙක් අප කතා කළ ආකෘතිමය ලක්ෂණ හරහා ම සඳස් කවිය ඉදිරියට ගෙන යාමට නම්.. සඳස් කවියෙකු හැම විටම ප්‍රසාද, ඕජස්, මධුරතා, අර්ථ ව්‍යක්ති, සමාධි වැනි උසස් ගුණ ඉස්මතු වන සේ කවි පබැඳිය යුතුය.. හුදු ශබ්ද රසයෙන් හෝ අර්ථ රසයෙන් නොසෑහී.. සර්ව රසයක් ගෙන ආ යුතුය..

7 comments:

  1. මගෙ අම්මෝ දැං බලං යනකොට මම කවිය කියන භාශාවෙ හෝඩි පොතවත් නොකියපු ලදරුවෙක් :(

    බොහොම ස්තූතියි අයියෙ...

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගෙන රස්සාවල් කරන අයයි..
      රස්සාවල් කරමින් ඉගෙන ගන්න අයයි
      ඉගෙන ගෙන රස්සාවල් නොකර ඉන්න අයයි

      අතරින් මං දන්න විදිහට වඩාත් සාර්ථක.. රස්සාවල් කරමින් ඉගෙන ගන්න අය.. සමී ටත් ලැබිලා තියෙන්නෙ ඒ වගේ අවස්ථාවක්..
      කවි ලියන ගමන් ඉගෙන ගනිමු.. මමත් එහෙමයි..

      Delete
    2. කදිම නිදසුන් සහිත පාඩමකි ...ඉගෙන ගැනිම වැදගත්ය

      Delete
  2. බෝම තැන්කුයි.. ඔක්කෝම ප්‍රෙභ්ද කරන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. මොනවද අප්පේ ප්‍රබේද කොරන්න ගියෙ..?

      Delete
  3. කවි ලියන්න....ඉගෙනගන්න....කවිකාරයින්ට බොහෝම වැදගත් වෙයි දිගටම ලිව්වොත්.

    ReplyDelete
    Replies
    1. ඉඩ ලැබෙන විදිහට.. මං ඉතිං දන්න දේ දන්න තරමින් සරල ව බෙදලා දෙනවා..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..