Friday, December 27, 2013

සලජාතකය කියන්නෙ මොකක්ද?

මචං ඔය සලජාතකය කියන්නෙ මොකක්ද? 
එහෙම ඇහුවේ මගේ මිතුරෙකි.. ඒ මිතුරා ඇසූයේ නොදන්නා කමටමය.. 
ඇත්තටම ඒක සලජාතකය නෙවියි සලජාකස ය .. සමස්ථ ලංකා ජාතික කවි සම්මේලනය.. 
මං තෝරා දුන්නෙමි
එතකොට අතකසය කියන්නෙත් ඒ වගේ එකක් ද? 
ආ.. ඔවු.. ඒ අගනුවර තරුණ කවි සම්මේලනය නෙ...
උඹ ඒකෙ නැද්ද?
නෑ මචං..
ඒකෙ ඉන්නෙ තරුණ අය හින්ද ද?
හෙහ්.. හෙහ්.. ඒකත් හරි දැං අපි වයසයිනෙ නේ බං..? ඒත් ඒක නෙවෙයි හේතුව.. අපි ඉතිං මූණුපොත් කවියොනෙ.. මූණුපොතට තවම අතකස ඇවිත් නෑ.. සලජාකස යි.. කෝකිලහඬයි තමයි දන්න තරමින් ඉන්නෙ..
මූණුපොතේ කවිපිටු ගොඩාක් තියෙනවනෙ..?
ඔවු මචං.. මොනවා කරන්නද? එක එක්කෙනා දා ගන්නවා.. එපා කියන්නයෑ..
ඔක්කොගෙම ඉන්නෙ එකම කට්ටිය ද?
ඒකනෙ.. හුඟක් වෙලාවට එකම කට්ටිය..
කවි සංගම් වලත් එහෙමද?
ඔවුනෙ මචං.. ඒවයෙත් එහෙම තමයි.. ලොකු ලොක්කො ටික තමයි වෙනස්.. ඇතුළ එම මයි..
කිසි තේරුමක් නැති වැඩක් නේද?
හැබැයි නැත්තෙමත් නෑ..
එක එක කවි සංගම් වල වගේ ම කවි පිටු වලත් ප්‍රතිපත්ති වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.. ඒ වගේම වැඩි කවියො පිරිසකට මේ කවි කලාවෙ රැඳෙන්නත් මේක ලොකු උදවුවක් වෙනවා.. මොකද හැමෝම තමන්ගෙ පිටුවල/සංගම් වල ජනප්‍රිය කම රැකගන්නත් එක්ක මොන මොනවා හරි වැඩකට ඇති දෙයක් කරනවා.. තරඟකාරීත්වය ඇතිවෙනවා..
හපෝ.. තරඟකාරීත්වය ඇති වුණාම... කොලිටිය අඩුවෙනවා නෙ බං..
තරඟකාරීත්වය ගානකට තියෙනකං හොඳයි.. වැඩි වුණොත් නං එහෙම වෙනවා.. දැනට ෂේප්..
හෙක්.. හෙක්..
ඉතිං මොනවද උඹලා ඔය කරන සේවය?
එහෙම ලොකුවට කියන්න තරං දෙයක් නෑ.. සිංහල සඳැස් කවියත් දැං හැංගිලා තියෙන්නේ.. ඔය සිවුපද කීපයක් විතරනෙ බං සමාජයේ තියෙන්නෙ.. ඒත් සඳැස් කවිය ඔයිට වඩා ලොකු පරාසයක විහිදිලා තියෙනවා.. ඒවා පොඩ්ඩක් එළියට දාන්න තමයි අපි ට්‍රයි කරන්නෙ..
එළ.. එළ..

4 comments:

  1. අනේ මන්ද..
    හැම දේම දෙපැත්තක් තියෙනවනෙ නේද?

    ReplyDelete
    Replies
    1. බොහෝවිට ඊට වැඩි වෙන්නත් ඉඳහිට අඩුවෙන්නත් පුළුවන්..

      Delete
  2. චතුර. සදැස් කවියත් සිවුපද කවියත් යන දෙකෙහි වෙනස පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් කියනවා නම්..
      සිවුපදය කියන්නෙ සඳැස් වල අනුකුලකයක්..
      ගී, සැහැලි, සිලෝ සහ සීපද කියලා තමයි මේ සඳැස් කවිය හෙවත් පැදිය ප්‍රභේද වෙන්නෙ..
      මේ ලිපියෙ ඒ ගැන ටිකක් තියෙනවා

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..