Tuesday, June 25, 2013

18+ ප්‍රදර්ශනේ..

සමගියෙන්ම ජීවත් වුණු නෝන, මහත්තයා
රති කෙළියෙදි නං පොඩියක් අප්සැට් උනි මෙයා
ඒත් ඉතිං ලෝකේ හැටි ඔහොම තමයි කියා
මේ දෙන්නා නිදා ගන්න සිරියහනට ගියා

මහ රෑ කෑ ගසා හපොයි බුදු අම්මෝ කියා
නෝනා ඇහැරිලා හතිත් දමමින් සිටි නියා
ඇයි හීනෙන් බය උනාද අහපු මහත්තයා
අන්දුන් කුන්දුන් කරමින් හිනා උනා එයා

මොකද්ද හීනේ පොඩියක් පවසන්නකො මට
"හෙට බලමුකො" නෝන' කීව' ඒ ඇවිටිල්ලට
බෙඩ් ටී එක හදං ඇවිත් ඔහු හනි හනිකට
උදයෙම ඔහු අහනවාලු හීනය හෙමිහිට

හරි වැඩේනෙ මෙයා අනේ ඊයේ හීනේ
දැක්කේ අහවල් ඒවා යේ ප්‍රදර්ශනේ
රේගන් ගේ ඔබාමගේ ඒවත් තිබුණේ
හිට්ලර්ගේ එකටයි මගෙ හිත නම් බැඳුණේ

පුදුම වැඩක් ලෝකේ හැම එකක්ම තිබුණද
ඔය අතරේ මගෙ එක හෙම තිබුණේ නැතිවද
මහත්තයා අහයි මහත් උජාරුවෙන් හිඳ
"තිබුණා තිබුණා පැත්තක" කීවා ඔද සිඳ

ඊළඟ දවසේ රෑ යළි නිදියන අතරේ
කෑ ගහගෙන නැගිට්ටෙ මේ සැමියනෙ මිතුරේ
හප්පේ මං දැකපු පුදුම හීනය අඳුරේ
දැන් නම් බෑ මට කියන්න නිදියමු සොඳුරේ

පසුදා උදයෙම හිමි හට තේක හදාගෙන
නෝනා ඇවිදින් තොරතුරු අහපි බදාගෙන
ප්‍රදර්ශනේ දැක්කේ ඔහෙලාගෙ කියාගෙන
මහත්තයා නැගිට්ටෙ සිය සරම හදාගෙන

කියන්නකො ඉතිං මිනිහෝ නොකර තව අගේ
ඩයනගෙ, මැතිණිගෙ ඒවත් තිබුණාද සගේ
තිබුණා තිබුණා ඔක්කොම පිළිවෙලට වගේ
ප්‍රදර්ශනය තිබුණෙ ඒත් එක තුළ ඔබගේ

විනෝදය තකා රචනා කළේ - චතුර විජේකෝන් වන මම වෙමි..

25 comments:

  1. අන්තිම පදේ "ප්‍රදර්ශණය තිබුනේ එක තුල ඔබගේ"

    කිව්ව නම්. වැඩේ පැහැදිලියි.
    කොහොම උනත් හොඳ උත්සාහයක්...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්.. එහෙම උනා නං තුන්වැනි පදෙත් වෙනස් කරන්ට වෙනවනේ.. බලමුකො එහෙනම් පොඩියක් වෙනස් කරන්ට..

      Delete
  2. ලස්සනයි.නමුත් ඔබ යවහන් ගැන දන්නවාද යවහන් යනු ය ව හ න් යන අකුරු වලින් අවසන් වන යම් පද පේළියක් වේද එම අකුරට කලින් තියෙන සෑම අකුරක්ම එක සමාන විය යුතුය යන රීතියයි.

    "වෙන්නට එපා ඔබ මා සමගින් තරහ
    ඊයෙයි මමත් දැනගත්තේ මේ පරහ"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සොයුර.. ඔබ දැනගත් දේ.. අන් අය හා බෙදා ගැනීම සම්බන්ධව.. එහෙත් මේ පැදි පංතියෙහි යවහන් දොස් නැති බැවු කියනු කැමැත්තෙමි..
      මා ලියූ කවි හදන හැටි
      මේ ලිපි ටික කියෙවුවොත් කවි ගැන තව තවත් දේවල් ඉගෙන ගන්ට පුළුවන් වේවි.. නැවතත් බොහොම ස්තුතියි ඔබට..

      කිසිවිට නොමැත මා නම් ඔබ හා තරහ
      වසරක් දෙකක් වෙයි දැනගෙන ඔය පරහ

      Delete
  3. සමහර තැන්වල මාත්‍රා වලත් අවුලක් තියේ..

    ReplyDelete
    Replies
    1. මාත්‍රා වලත් කියලා කිවුවේ වෙනත් අවුලකුත් තියෙනවද?

      ඇත්තටම නලීන් මේකෙ මාත්‍රා අවුලක් ඇත්තෙම නෑ.. තියෙනවානම් තියෙන්නෙ යත් පිහිටුවීමේ ප්‍රශ්නය.. ඒකත් යතිය හඳුනගන්න අපහසුවක් උනොත් තමයි.. මුල් කවි දෙකේ මාත්‍රා 21කිනුත් එතැන් සිට සියළුම කවි මාත්‍රා 20කිනුත් තමයි රචනා වෙලා තියෙන්නෙ..
      පළමු කවි දෙකේ යතිය යෙදෙන්නෙ.. 6-6-9 ලෙස.. 12-9 කිවුවත් වරදක් නෑ..
      ඉතිරි කවි 12-8 ලෙස තමයි යතිය පිහිටන්නෙ..

      මෙහි ඇති වෙනත් අවුලක් ඇතොත් පෙන්වා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා..

      Delete
  4. ඇත්තටම මා හමුදවේ නිසා නිර්මාණ කරන්නට කාලයක් තිබුනේ නැ නමුත් මා කැමතියි කියවන්න ඔබේ නිර්මාන නමුත් මගේ අම්මා ඇත්තටම ලස්සනට කවි ලියනවා ලගකදි මා ලියු කවියක් ඇයට පවසද්දී ඇයය මෙය මට කියා දුන්නේ සමාවන්න

    ReplyDelete
    Replies
    1. අවිවේකය අතර වුනත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.

      Delete
    2. ඔබ කළේ වරදක් නොවෙයිනෙ.. ඉතා හොඳ දෙයක්.. මං එය දන්න කෙනෙක් කියලා හොයා ගන්න ඔයාට මගේ ලිපි ටිකක් බලන්න වෙනවනේ.. මාත් ඒ ගැන දැනගත්තෙ වසරකට නැත්නම් දෙකකට උඩදී.. නැවතත් ස්තුතියි ඔබේ මනුස්සකමට..

      Delete
  5. කියවල තියන කතාවක් කවි කරල තියනව. මැක්ස!

    ReplyDelete
  6. යවහන් පිලිබදව ඔබෙ ලිපි ටික කියෙව්වෙම්
    යටහත් පහත් ලෙස තුති පුද කරන්නෙමි
    කවියක් දෙකක් හැමදාමත් ගොතන්නෙමි
    ඇවිදින් සදොස් පෙන්වන ලෙස යදින්නෙමි

    ReplyDelete
    Replies
    1. ඔබෙ ඇරයුමත් සතුටින් මම දරන්නෙමි
      වැව් ඉස්මත්ත වෙත මින් පසු ඇදෙන්නෙමි
      මිනිසත් කමේ රුව ඔබගෙන් දකින්නෙමි
      මිතුරෙකු වෙන්ට ඇරයුම මින් කරන්නෙමි

      Delete
  7. මම ගොඩාක් දුරට කවිය ගැන දැනගෙන කවි ලියනවා නොවේ මම ඒ ගැන අධ්‍යනය කරලා නැහැ. ඔය මාත්‍රා යතිය යන වචන මා අසා නැත ඒ ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක්ද ලැබී නැත.නමුත් ‍ලැබෙන ඉඩ ප්‍රස්ථාවක ඒ පිළිබද අධ්‍යයනය කරන්නට මා කැමතියි.ඒ පිළිබද මා ඔබව ගුරු කොට ගැනීමටද මා කැමැත්තෙමි

    ReplyDelete
    Replies
    1. මාත් ඔබ වගේම දන්නා දෙයක් කා එක්කත් බෙදා ගන්නෙක් මිස මහා කවියෙක් නෙවෙයි.. ඒත්.. සාර්ථක කවියෙක් වෙන්ට දැනගත යුතු මූලික රීති පද්ධතිය කියලා දෙන්ට තරම් දැනුමක් නම් තියෙනවා.. කොහොම උනත් දක්ෂ කවියෙක් වෙන්ට වියරණ දැනුම වගේම.. කාව්‍යකරණය පිළිබඳ වූ සහජ කුසලතාවයත්, සිතීමේ නිදහසත් අත්‍යාවශ්‍යයි.. නැත්නම් ලස්සන වචන එකතු කරලා කවි ලිවුවට රසිකයෙකුගේ හද කම්පනය කරවන්ට අමාරුයි..

      ඔය කවි වියරණ නොදන්න අය ලස්සන කවි ලියන්නෙ එයාලට සහජ කුසලතාවයත්.. සිතීමේ නිදහස තුළින් මතුවන නැවුම් සිතුවිළිත් මනාව පිහිටලා තියෙන නිසා කියලයි මට හිතෙන්නෙ.. ඒ අය කවි වියරණත් දැන ගත්තා නම් කොයි තරම් ලස්සන කවි නිර්මාණ බිහි වේවිද?

      මගේ සහාය අවශ්‍ය ඕනෑම මොහොතක හැකි සියළු සහයෝගයන් ලබා දීමට කැමැත්තෙමි...

      සඳැස් කවියේ රසතැන් සොයමින්, දැනුම වඩමින් සොඳුරු කවියන් හා සරන්නට.. මුහුණුපොතේ.. "සඳැස", "කෝකිල හඬ-සිහල කවි සංගමය" "සලජාකස" වැනි කවි පිටුවකට හෝ කිහිපයකට එක්වන්නැයි ඔබට ආරාධනා කරමි..

      Delete
    2. බොහොමත්ම ස්තූතියි ඔබ මා‍ වෙනුවෙන් වැය වටිනා කාලයට ඒ වගේම වැව් ඉස්මත්තටත් චුට්ටක් විතර ගොඩවෙලා හොද නරත පෙනවා දෙනවානම් එය අගේ කරමි

      Delete
  8. කොහේදි හරි කියෙව්වා මේ කවි ටික ලඟදි දවසක...

    ReplyDelete
    Replies
    1. රුවන් දැක්කා නම් අද උදේ හරි ඊයෙ මැදියම් රෑ හරි වෙන්ට ඕන.. මොකද මං මේ ටික ලිවුවෙ.. FB එකේ Hilarious රස කතා වල දාන්න. ඊයෙ මැදියම් රෑ.. ඊට පස්සෙ තමයි හිතුණෙ මගෙ බ්ලොග් එකෙත් දාන්න ඕන කියලා.. ලඟදී දවසක වෙන්ට නං විදිහක් ඇත්තෙම නෑ..

      Delete
    2. හරියටම හරි මිත්‍රයා
      ඒ පේජ් එකෙන් තමයි මම මේක කියෙව්වේ
      තිබුන වැඩත් එක්ක කියෙව්ව විත්තිය විතරයි මතක තිබුනේ..
      එල එල දිගටම ලියමු යාලුවා

      Delete
    3. මටත් ඔහොම වෙලා තියෙනවා.. අද උදේ වෙච්ච දේවල් දවසකට දෙකකට උඩදි උනා වගේ හැඟෙනවා.. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට මිත්‍රයා...

      Delete
  9. කතාව නම් කලින් අහල තිබුනට කවියෙන් ඇහුවමයි. ඔය කියන හිට්ලර්ගෙ එකේ නම් මොකක්දෝ අවුලක් තිබුනය කියල මම අහල තියෙනව. සමහරවිට අපහාසයට ගොතපු කතාද දන්නෑනෙව.

    ReplyDelete
    Replies
    1. කොහොමටත් හිට්ලර් යම් යම් කරුණු වලින් බොහොම දුර්වල කෙනෙක් ලු නේ.. ස්තුතියි මල්ලි..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..