Wednesday, May 8, 2013

කවුරුන් හෝ ඇවිල්ලා..





ඔබව දන්න ඔබ නොදන්න කවුරුන් හෝ ..........ඇවිල්ලා
හදෙහි ගින්න මැඬ නිවන්න මොනවාදෝ ........ගෙනැල්ලා
තව හිතන්න හසු නොවන්න ඉවසාලා ...............සියල්ලා
මෙත වඩන්න සිත නිවන්න පුළුවන් දැන ..........ගනිල්ලා

පුංචි පුතා වෙයි සමතා ඒ ගැන සිත ................යොමල්ලා
දෝණිට යන කල දවසට අඩු වැඩියක් ...........හොයල්ලා
පාළු සිතේ හීන පැතුම් ගැන මැදහත් ...............වෙයල්ලා
දෝස නසා පිය දිගැසා ගැන බිඳුවක් .................සිතල්ලා

කාසි නිසා වාසි තකා වරදට යොමු .............නොවෙල්ලා
පාසි ලෙසා බැන්ද ගලේ අනුනට දුක් ..........නොදෙල්ලා
දෝසි වෙසා වෙහෙස නිවා සැම හිත් රස ..........කරල්ලා
වාසි බසා වේය දොසා සුබසම නිති ...............දොඩල්ලා

6 comments:

  1. අයියා දන්නවනේ, කවි ගැන මගේ දැනීම බිංදුවයි. සමස්ථයෙන්ම හැඟවෙන්නෙ මොකක් ගැනද කියල මට වැඩි තේරුමක් නම් නෑ. ඒත් පද ගැලපුන හැටි, ශබ්ද වෙන කොට වචන යෙදිල තියෙන හැටි නම් අපූරුයි කියල හිතෙනව.

    පොඩ්ඩක් පෙනුම එහෙම වෙනස් වෙලානේ. ඔය පසුබිමේ ගෝල්ඩ් කලර් එකෙන් තියෙන ඒව පේනව අඩුයිනේද? මවුස් පොයින්ටර් එක ළඟට ගෙනිච්චහම නම් හයිලයිට් වෙනව, ඒත් ටිකක් පේන කලර් එකක්ම දැම්මනම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මල්ලියා.. උත්සාහ කරන්නම්.. බොහොම කාලෙකින් මේ පැත්තෙ ආවෙ නේද?

      Delete
  2. සිකිම් මහින්දයන්ගේ කවි මතක් උනා.

    ReplyDelete
    Replies
    1. මං නං ඒ කවුද කියලා දන්නෙ නෑ මිත්‍රයා.. මොනවා හරි විස්තරයක් දෙන්ට පුළුවන්නම් වටිනවා.. මාත් හොයලා බලන්නම්.. බොහොම ස්තුතියි..

      Delete
  3. හරිම පංකාදුයි කවිටික. මූණු පොතෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. චන්දි අක්කා ඉතිං කවදත් මේ පැත්තෙ ඇවිදින් මාව දිරිමත් කරනවානේ..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..