Thursday, September 6, 2012

෴෴සුබ උපන් දිනක් මගෙ දුවේ෴෴




සහසක් පෙරුම් දම් පුරලා නුඹ           මත්තේ
වෙහෙසක් වෙලා මෙදියත ජය ලැබ    ගත්තේ
රහසක් නොවේ දියණියෙ පවසමි       සත්තේ
පහසක් නුඹෙ වතේ විඳ සතුටකි        ඇත්තේ

හිස් බව නොමැත අපෙ දිවි තුළ එයින්      මතූ
රැස් ලෙස සඳේ සොඳුරුය සිත මැවෙන     සිතූ
තොස් විය නොයෙක් වර අසමින් නුඹගෙ තතූ
පස් වසකුත් ගියා නොදැනිම වසා          නෙතූ

වයසින් වැඩෙයි මෝරයි දැනුමද            යසට
දවසින් දවස හුරුවෙයි පිරිපුන්               බසට
මනසින් උසස් යහපත් දරුවෙකු          ලෙසට
විගසින් වැඩී සේවය කළ මැන               රටට

පස් වැනි උපන් දිනයට අද දින          යෙදෙන
දිස් වනු ඇත නොයෙක සුපැතුම් පිරි      නමන
උස් කොට රැගෙන එපැතුම් ආසිරි       සොඳින
විස්_මය වනු මැනවි අපෙ ලොව එළි     කරන

අපගේ ආදරණීය දියණියගේ පස් වැනි උපන් දිනය වෙනුවෙන් රචිත කවි පෙළකි..

24 comments:

  1. සුභ උපන් දිනයක් වේවා කෙලි පොඩිඩිට...!!!!

    කවි පෙලත් ලස්සනයි... ( මම වැඩිය කවි රස විදින්න දන්නේ නෑ...)

    අවුරුදු 5යි කියන්නේ ඉස්කෝලෙ යන්න කිට්ටුයි නේද..... මොන්ටිසෝරි ගිහින් ඇවිත් පණ්ඩිත කතන්දර කියන්නේ එහෙම නැද්ද.... ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිරු..

      ඔවු.. ලබන අවුරුද්දෙ.. ඉස්කෝලෙ..

      කතන්දර නම් ඉවරයක් නෑ..

      Delete
  2. දූට මගේ සුබ පැතුමත් එක්කරන්න..... සුබ උපන්දිනයක් පොඩි දුවේ..!!!

    ReplyDelete
  3. සුබ උපන්දිනයක් දුවේ..!!!

    ReplyDelete
  4. ඉන්නේ මටත් කෙල්ලෙකි ඔබ හට වාගේ
    පතනෙමි සුබ උපන්දින හදවතින් මගේ

    ReplyDelete
    Replies
    1. තුති මම පුදමි සුබ පැතුමට නැඟුණු අගේ
      නුඹෙ දියණියත් වැජඹෙනු ඇත සතුටු මඟේ

      Delete
  5. අාදරණීය දුෙව්, ඔයාට සුභම සුභ උපන් දිනයක් ෙව්වා .

    ReplyDelete
  6. චූටි දූට සුභ උපන් දිනයක් !

    අවුරුදු 5 කියන්නෙ හරි හුරතල් වයසක්. මගේ නංගිගෙ දූටත් අවුරුදු 5 යි.

    ReplyDelete
    Replies
    1. ඔවු හැබෑම හුරතල්.. එයාට අද බොහොම විනෝදයි.. අපේ අක්කගෙ පොඩි එවුන් ටිකත් එක්ක සැට් වෙලා හොඳ ජෝගිය..

      Delete
  7. අපිත් එයාට සුභ පැතුවා කියන්න හ්ම්ම් :)
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. කමෙන්ටුව ස්පෑම් එකට ගිහිං තිබුණා.. මං කියන්නම්..

      Delete
  8. චූටි දූට සුභම සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  9. මගෙනුත් සුභ උපන් දිනයකට ආසිරි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත පැතුමට..!

      Delete
  10. පියෙකු විසින් දියණියකට දෙන්න පුළුවන් හොඳම උපන් දින තෑග්ගක්.
    චූටි දුවට ආවඩා ආයුබෝ වේවා!

    ReplyDelete
  11. ආයුශ වර්ණ සැප ලැබෙන සුබ උපන් දිනයක්ම වේවා! දුවේ.
    ඔන්න නැන්දා උපන් මාසෙම උපන් නිසාම තව හාද්දක් නැන්දාගෙන්.

    ReplyDelete
    Replies
    1. ඔවු.. දවස් 2-3ක වෙනසක් නේද..? බොහොම ස්තුතියි අක්කේ..

      Delete
  12. දූගේ පස් වෙනි උපන් දිනේට මගෙත් සුභ පැතුම් පිරිනමපන් මචං . . . .
    ලස්සන කවි පෙල . .

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..