Thursday, September 29, 2011

කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්)

කවි නිර්මාණයේ දී විරිතකින් කවිය ලිවීම ඉතා වැදගත් වේ .  සේන අම්බලංගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ වෘත්ත ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටිකවි හදන හැටි - 2කවිහදන හැටි - 3  නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.


ශ්‍රී සිරි වෘත්තය è È   È   È   È
 උදා: -කා මී තා මී
ගුරු අකුරකින් සෑදේ. මෙහි එක් අකුරක් එක් පදයක් ලෙස සලකා ඇති බැවු පෙනේ.


ස්ත්‍රී වෘත්තය   è - È   - È   - È   - È හෝ ÈÈ   ÈÈ   ÈÈ   ÈÈ හෝ È -   È -   È -   È -  හෝ  -- -- -- -- 

උදා : - 1. අනේ පනේ තනේ වැනේ 
            2. කෑවා බීවා ආවා නෑවා
            3. ඒම මේම තාම කෝම
            4. අපි යමු යළි එමු 

කේෂා  è -ÈÈ  -ÈÈ  -ÈÈ  -ÈÈ
මෙම විරිතෙහි ‘ය‘ ගණයෙන් පාද සතරම සම්පූර්ණ කරයි. 
උදා : - සිනා පා | දයා පා | කළාදෝ | මුලා මා

සුමති è --ÈÈ | --ÈÈ | --ÈÈ | --ÈÈ
මෙහි මාත්‍රා ගණන 6කි.
සතුරන්ගේ | තෙද බින්දා | අප බූනා | වැජඹේවා 

මේ අකාරයට සුමුචි, ව්‍රඩා, කුසුමා, ලාසිනී, භාෂිණි, ප්‍රීති, පන්නි, මන්දා, තනුමධ්‍යා, කුමාර ලලිතා, මදලේඛා, මධුමතී, හංසමාලා ලෙස විරිත් ගණනාවක් ඇත. ඉහත කී විරිත් ඇසුරෙන් තවත් අනු විරිත් ද සෑදිය හැක. 

අද වන විට කවියන් විසින් බොහෝවිට පරිහරණය කරණුයේ සමුද්‍ර ඝෝෂ නම් විරිතයි. (අවාසනාවකට මෙම පොතේ සමුද්‍ර ඝෝෂ විරිත සීපද ගණයට වැටෙන විරිතක් බව සඳහනක් ඇතත්, ඊට වඩා විස්තරයක් නැත). මෙම විරිත ද තවත් අනු විරිත් 108 කට පණ ගැන්විය හැකි බව සඳහන් වේ.

වෘත්ත ප්‍රභේද

1. මාත්‍රා වෘත්ත (මත් විරිත්)
මාත්‍රා ගනිමින් සකස් කරයි. මේ සඳහා ගණ පහක් පමණක් යොදා ගනී.
2. වර්ණ වෘත්ත (අකුරු විරිත්) 
අකුරු ගණිමින් සකස් කරයි. මේ සඳහා ගණ අටම යොදා ගනී.


කවියක රසය කොතැනද වැඩිපුර ඇත්තේ
විරිතෙහි තමයි වැඩිපුර බලයක් ඇත්තේ
විරිතට පමණකුත් නැත තැන දිය යුත්තේ
විරිතත් ගලපලයි කවි පබැඳිය යුත්තේ 


Wednesday, September 14, 2011

මත් වෙන්න බොන්නම ඕනද?


මේ පිංතූරෙ තිබුණෙ මෙතන

මගේ මිත්‍රයෙක් ඉන්නවා, උන්නැහේට නං මත් වෙන්න කරන්න තියෙන්නේ බස් එකක ටිකක් දුර වාඩි වෙලා යන එකයි. හපොයි අපි වියදම් කරලා, උගුර කට දවාගෙන රහමෙර ටිකක් බීලා ගන්න කික් එක මෙයැයි ගෙදර යන ගමං නොමිලේ ගන්නවා නොවැ. ඉරිසියාවේ බෑ.

ඒත් මං අද කතා කරන්නේ ඒ මත් වීම ගැන නෙවෙයි. අපේ ජීවිතේ හුඟක් වෙලාවට අපි ඉන්නේ මත් වෙලා නොවැ. කල්පනා කරලා බලන්න. ආලයෙන්, රාගයෙන් මත් වුණු වාර ගනණ. ඇයි ක්‍රිකට් මැච් වලට මත් වෙලා නැද්ද? තමන් ඉන්න යහපත් සිහියෙන් මිදිලා යම් අරමුණකට ඇලුණාම වෙන්නෙත් මත් වීමක් නොවැ. බ්ලොග් ලියන්ට ගත්තාමත් වෙන්නේ ඕකම නොවැ. 
ඔය අතරේ මාව නිතරම මත් කරවන දෙයක් තමයි මේ සිංදු. අපේ හද ගී පොත ලියන තිස්ස අයියත් මේ වැඩේට අනුබල දෙනවා නොවැ. 
සමහර සිංදු වල තනුවට මත් වෙනවා, සමහරක පද වැලට, සමහරක් සිංදු වල හඬට. අපේ සෝමතිලක ජයමහ සූරින්ගේ සිංදු ඇහුවාමත් මත් වෙනවා, හැබැයි ඒ මත් වීම හරි සොඳුරුයි. මනසට වදයක් නෑ. සැනසීමක් නොවැ ඇති කරන්නේ. නිරංජලා සරෝජිනී, ඉන්ද්‍රානි පෙරේරා, සුජාතා අත්තනායක, නන්දා මාලිනිය, අමරදේව සූරින්, වගේම ජෝතිපාල මහත්තයත්. නව පරපුරින් දිවුල්ගනේ, දීපිකා,(මේ දෙන්නා අලුත් ම නෑ තමයි.), ක්‍රිශාන්ත එරන්දකත්, චාමර වීරසිංහත් එයාලගේ හඬින් මගේ හිත සැහැල්ලුවෙන් මත් කරවපු අයගෙන් ටික දෙනෙක්.

ඒත් මේ නිරෝෂා විරාජිනී කියන ගායිකාව ගේ ගීත වලට මත් වෙන්නේ ටිකක් වෙනස් විදිහට. ඒ කටහඬ හරිම රසවත්. හරිම තියුණුයි. හරිම සැඩයි. පුදුම හිතෙන තරම් ආකර්ශණීයයි. එයාගේ ගීත ඇහුවාම “මගෙ සිත අවනත වී නැත මා වෙත” කියලා මට හිතුණු වාර බොහොමයි. එහෙම වුණාම තද වෙන්නේ නැද්ද මං අහන්නේ.

 
නිරෝෂා මහත්මිය සහාය ගායනාවෙන් එක්වෙන මේ ගී දෙක තුන අහලා බලන්න. ඔයාලත් මත් වෙයි ද කියලා…මට නං හැබැයි ඕවයේ අතුරු පල වලට වග කියන්ට බෑ හොඳේ...



බා ගෙන ම අහන්න වෙයි මයෙ හිතේ.......


සුදට සුදේ...
මේ ගීතය නිරෝෂා කියන්නේ කිත්සිරි ජයසේකරත් එක්ක. මං හිතන්නේ මේ ගීතය පැරණි ගීතයක්. මෙයාලා මේක වාණි‍ජ්‍යමය අරමුණකින් ගයපු එකක් නෙවෙයි මයෙ හිතේ....
සුදට සුදේ එළිය දිලේ පුන්සඳේ.....


මා බැන්ද පෙම්බරාගේ
මේක ගායනා කරන්නේ අමරදේව සූරීන් එක්ක. ඉතාම ජනප්‍රිය ගීයක් නොවැ. මේකෙත් මුල් ගායිකාව නිරෝෂා නෙවෙයි කියලයි මට මතක. ගීය කාගේ වුණත් නිරෝෂා ගයන කොට කොයි තරම් අපූරුද කියලා අහලා බලන්නකෝ....


නුඹ මැවූ සත්සර නිසා
මට හිතෙන විදිහට මේ ගීය නිරෝෂාත් එක්ක ගයන්නේ රූකාන්ත. පළමු වතාවට අහද්දීම කන් දෙක පිරෙන්න ඇහුණු නිරෝෂගේ හඬ මට අපූරු ආශ්වාදයක් ගෙනාවා. මේකට තමයි මං හැබෑවටම මත් වුණේ.. ඇත්තටම මෙහෙම දෙයක් ලියන්න හිතුනෙත් මේක තුන් හතර වතාවක් එක දිගට අහලා කාලය සෑහෙන්න විනාශ වුණු බව වැටහුණාට පස්සෙයි. 





Thursday, September 8, 2011

අනුරාධපුරයේ පූජා බිමක මුස්ලිම් පල්ලියක් ඉදිවෙයි...?

***මේ තොරතුරු මට ලැබුණේ ඊ ලිපියකින් එය ලියා තිබුණේ.  "Amila d Great..." කියලා කෙනෙක්. ඒ ලියලා තියලා ඇත්තයි කියලා අනුමාන කරන්න පුළුවන් පිංතූර ටිකකුත් ඊට අමුණලා තිබුණා..මෙන්න ඒ උපුටා ගැනීම.***
 ----------------------------------------------------------------------------------------------------
මෙහි දැක් වෙන්නේ ගාමිණී අභය (දු‍ටුගැමුණු) මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්

 කර තිබූ අනුරාධපුරයේ දක්ඛිණ ස්තූපය සහ ඒ අසල ඉදි වන මුස්ලිම් පල්ලියයි .

පුරා විද්‍යා නීතියට අනූව පුරා විද්‍යා ස්ථානයක සිට 300m දුරකින් මිස නව

 ඉදිකිරීමක් සිදු කිරීම තහනම් වන නමුත් මෙම මුස්ලිම් පලියේ සිට දක්ඛිණ ස්ථූපයට
ඇත්තේ 67m වැනි කෙටි දුරකි .

 එම පල්ලිය තැනීම සදහා ගල් කණුවක් පවා උපකාර කරගෙන ඇති අන්දම රූප වල පෙනේ.

පූජා භූමිය තුල මස් මාලු විකිනීමකට වත් ඉඩ නොදෙන නමුත් මෙම ස්ථානයේ එළුවන්
ඝාතනය කර යාග පැවැත්වූ බවටද සාක්ශි ඇත .

 අනෙක් සියලු නව ඉදි කිරීම්(භික්ශුණි ආරාම, බුදු පිලිම පවා) ඉවත් කල නමුත් මෙම
පල්ලිය ඉවත් කිරීමට බලධාරින් කිසිදු ක්‍රියා මාර්ගයක්

නොගන්නේ මන්ද ?........

*අනුරාධපුර, පූජා නගරයක් කිරීමෙන් පසුව ඉදිකෙරී ඇති මෙම පල්ලිය,*
*
*
* පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව
*
*
*
*ඉදිකෙරුනේ කෙසේද යන්න තවමත් නොවිසිදුනු ප්‍රහේළිකාවකි.....*
 
කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය.
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.

-රාවන රජතුමා














----------------------------------------------------------------------------------------------
උපුටා ගැනුම ඉවරයි....

රට ජාතියේ ඉතිහාසය රැඳුනු බිමේ
පින්බර සුවඳ පැතිරෙයි එහි හතර ඉමේ
පල්ලිය හදන්නට මුස්ලිම් අයට ගමේ
තිබුණේ නැද්ද වෙන තැන් ඔය නගර ඉමේ



පසුව ලියන වගනම්........
මේ ලිපියේ සඳහන් කරුණු සත්‍ය නම් එය ඉතාම බරපතල තත්වයකි. සිංහලයන් වශයෙන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන් වශයෙන් පමණක්ද නොව, ලෝවාසීන් වශයෙන්ද අප මෙවැනි දෑට විරුද්ධව නැගී සිටිය යුතුය. මන්ද මේ විනාශ කෙරෙනුයේ අභිමානවත් ජාතියක ඉතිහාසයයි. කළ හැක්කේ කුමක්ද, කළ යුත්තේ කුමක්දැයි මා කියන්නට අවශ්‍ය නැත. දේශ ප්‍රේමීන්ට පහුගිය කාලයේ කරන්නට ඒ හැටි වැඩක් තිබුණේ නැත. මෙන්න කරනවානම් වැඩ.....