Tuesday, August 2, 2011

අනේ ඉතිං කෙල්ල මාව අපහරණෙ කළා...!

පසුගිය දොහක ඊ-ලිපියකින් මට ලැබුණු අපූරු පද පෙලකි මේ... නිර්මාණ කරුට මාගේ ප්‍රණාමය. ඇතැම් විට මෙය බ්ලොගයකම ලියවුණු පදපෙලක් වන්නට ද බැරි නැත....එහෙම වුණා නම් සමා වෙන්න.  පිංතූරෙ හොයාගත්තේ මෙතැනින්"http://www.istockphoto.com/" .

පසුව ලියන වග නම්


මෙම නිර්මාණයේ අයිතිකරු හිස් අහස ලියන සඳරුගේ බව පසුව දැන ගැනීමට ලැබුණි. හිස් අහස මා කියවන බ්ලොගයක් වුවද මට මේ නිර්මාණය මඟ හැරී තිබුණි. යම් සිත් රිදවීමක් වූයේ නම් නැවතත් සඳරු ගෙන් සමාව අයදිමි. මෙහි මුල් ලිපිය මෙතැනින් නැරඹිය හැක වැව් බැම්ම මත දී දුටු සිහිනය.



දවසක් දා වැව් බැම්මේ
සූස්තියක් උරණා විට
දිය මත පාවෙන බුජුමක්
මා නෙත ගැටුණා...!

සරම ලිහා ගොඩින් තියා
අමුඩෙ ගහං බැහැල වැවට
පීනාගෙන බුජුම ලඟට
මං ලඟා වුණා..!

පෙනුමෙන් ඇන්ටික් ගතියත්
මළකඩ බැඳි කළු පැහැයත්
අතරින් විහිදුණු දිස්නෙට
මං වසඟ වුණා...!

බුජුමේ බර වැඩි නිසාම
ලිස්සන ගතියත් නිසාම
බුජුම ඉනේ ගැට ගහගෙන
ගොඩට පීනුවා!

දියෙන් ගොඩට ආ හැටියෙම
"බුජුමේ තියෙන්නෙ මොනවද?"
කුතුහලයෙන් තෙරපුණු මම
එය විවර කළා...!

මූඩිය ගැලවුණු සැනින්ම
අහස පොලොව ගුගුරාගෙන
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු වුණා!

කෙල්ල බියුටි ෆුල් නිසාම
මම අමුඩෙ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැඟවී ගත්තා!

"අනේ හලෝ ගොඩට එන්න
මම නෑ මොකවත් හිතන්නේ
යූ ආර් මයි හීරෝ නේ"
කෙල්ල කියනවා.. !

ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලක් විලසින්
මම ගොඩ ආවා...!

"යක්ෂයෙකුගේ මන්තරයෙන්
මම බෝතලේ හිර වුණානෙ
ඔයා මාව බේරුවානෙ"
කෙල්ල කියනවා...!

"මා බේරා ගත් නිසාම
ඔයා හරි කියුට් හින්දම
උම්මා එකක් දෙන්න හිතයි"
කෙල්ල කියනවා..!

සම්මජ්ජාතියක මාව
කෙල්ලෙක් නං ඉඹලා නෑනේ
එහෙවු එකේ මටත් මේක
පල්ලමක් වුණා...!

උම්මා එකට රෙඩි වෙන්නට
දතකට මැද ගත්ත මෙමා
හෙමින් හෙමින් කෙල්ල ලඟට
යාත්‍රා කළා....!

මාස් මෙලෝ වගේ සුමුදු
රෝස පාට තොල් දෙකකින්
මගෙ සියොළඟ ඉඹිමින් ඈ
මා ඔකඳ කළා...!

දෙන දෙයියෝ දෙනකොට නම්
ටොකු ඇන ඇන දෙවනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක් ලැබුණා...!

ඒ වගෙ රට ආතල් නම්
මං කිසි දින විඳලා නෑනෙ
අනේ ඉතිං කෙල්ල මාව
අපහරණෙ කළා...!

හිත සතුටින් ඇගේ අතින්
අපහරණය වන අතරේ
බඩට වැදුණු තඩි සොටකින්
මම අවදි වුණා...!

ඇඩ්ඩිං මාමගෙ එළු දෙන
මගේ මූණ ලෙව කනවා
තව එළු රංචුවක් මදෙස
බලා සිටිනවා...!

මල් උරලා වැඩි වීලා
වැවු බන්ටෙක මත හිඳලා
මම ලොකු හීනයක් දැකපු
බව හැඟී ගියා...!

එදා පටන් අද වන තුරු
නෑ මම මල් දුම් ඉරුවේ
දැන් මට මල් දකිනකොටත්
වමනෙට එනවා...!

17 comments:

  1. අයිතිකරු...
    http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html

    ReplyDelete
  2. මචං මේක හිස් අහස ලියන සඳරුගේ කවි පන්තියක්... පුළුවන් නම් උගේ නමවත් දාපං මේක යටින්...

    මෙන්න ලින්ක් එක ...
    http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html

    ReplyDelete
  3. මේක සදරුවගේ පෝස්ට් එකක්.... :D

    http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html

    ReplyDelete
  4. මෙන්න සැබෑ බ්ලොග් පිටුව
    http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html

    ReplyDelete
  5. ලියපු කෙනා කවුරු උනත් සිරාවටම ලියලා තියනවා , මූනු පොතේ ශෙයාර් පාරක් දැම්මට අවුලක් නෑ නෙ ?

    ReplyDelete
  6. http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html

    ReplyDelete
  7. http://hisahasa.blogspot.com/2011/06/blog-post_28.html

    ReplyDelete
  8. මේක අපේ හිස් අහස ලියන සඳරු මලයගෙ ලිපියක්
    http://hisahasa.blogspot.com/

    ReplyDelete
  9. සඳරුවගෙ නිසඳැසක්නෙ.
    හිස් අහස බ්ලොග් එක බලන්න.

    ReplyDelete
  10. මේ නිර්මාණය "හිස් අහස" ලියන අපේ "සඳරු" මලයගේ...

    ඇත්තම කතාව කිව්ව එක හොඳයි..ඒ වගේම මේකේ මුල් පද ටික අරගෙන ගූගල් සර්ච් පාරක් දැම්මනං සමහර විට කාගෙද කියලා ලේසියෙන්ම හොයා ගන්නත් තිබුනා...

    ReplyDelete
  11. @චමිදේවා, prasanna86k , සෝරෝ, hansakinkini , ඇනෝ1, රජිත්, ඇනෝ 2, ..ChAnDiKa.. , ඇනෝ 3, මාරයාගේ හෝරාව

    බොහොම ස්තුතියි මාව දැනුවත් කළාට. හිස් අහස මං ගොඩ වෙන බ්ලොග් එකක්. ඒත් මේ නිර්මාණය මට මඟ හැරුණු එකක්. දැනට මේ ගැන ලිපියේ දැම්මා. අවශ්‍ය නම් ලිපිය ඉවත් කරන්න වුණත් පුළුවන්.

    ReplyDelete
  12. @මකුළු පැංචි, sameera
    ස්තුතියි මේ පැත්තට ඇවිත් අදහස් දැක්වූවට. මේ නිර්මාණයේ හිමිකරු හිස් අහස ලියන සඳරු මල්ලි බව පසුව දැන ගත්තා.

    ReplyDelete
  13. අනේ අප්පේ මොකටෙයි මේ ලිපිය අයිං කරන්නේ ? පේන්නැද්ද මගේ බ්ලොග් එකේ ඕන කෙනෙකුට හිටගෙන කොපි කරන්න නිදහස දීලා නෙව තිය්නෙනේ ..

    චතුර අයියා ..මම මෙතනට ආවා මේක දැකලා සතුටින් ආයේ යන්න ගියා . මගේ කවියක් වෙන බ්ලොග් එකක තියනවා දැක්කම මට සතුටුයි ආයේ නම තිබුනේ නෑ කියලා මට දුකක් නෑ ..

    අඩේ මේක මකන්න එපා .. මට පට්ට ආඩම්බරයි මෙවුවා දකිද්දී .

    ReplyDelete
  14. @හිස් අහස
    බොහොම සංතෝෂයි සඳරු මල්ලී, ඔයා හිතන විදිහ ගැන. කුහක කම පැත්තක දාලා හිතන්න පුරුදු වෙන එක කොයි තරම් හොඳද? අපේ බොහෝ දෙනාට ඔය ගුණය නෑනේ...

    කොපි කරන කෙනා ගේ යුතුකමක් නිර්මාණයේ හිමිකරුට නිසි ගෞරවය දෙන්න. මට ආපු ඊ ලිපියේ ඒ ගැන සඳහනක් තිබුණා නම් මේ අකරතැබ්බය වෙන්නේ නැහැ නොවැ.

    ඇත්තටම ආඩම්බර පුළුවන් නිර්මාණයක් මල්ලී. මොකද මේ නිර්මාණයෙන් බොහෝ හොඳ දේවල් කෙරෙනවා....

    ReplyDelete
  15. රස විදින්න අයිතිය සන්දරු සහෝ දුන්න එක ගෙන සතුටුයි..ස්තුතියි ඩබලටම..ප.ලි.හොද ආදර්ශයක් සන්දරු..

    ReplyDelete
  16. @Lalit Udawela

    ස්තුතියි අදහසට සහෝ...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..