කවි නිර්මාණයේ දී ද සුබ අසුබ ප්‍රතිඵල ගැන සිතා නොයෙක් ගුප්ත දේ මේ කාව්‍ය සාහිත්‍යයට එක් වී ඇත. සේන අම්බලම්ගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ ගණ ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටි, කවි හදන හැටි - 2 නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) නම් පොත ඇසුරිනි.
කවියකින් ලැබෙන ඵලය සුබ වන්නටත් අසුබ වන්නටත් කවියේ මුල්ම අකුරු තුන හේතු වන බව මෙම “ගණ” ශාස්ත්‍රයෙන් කියැවේ.
ම, න, බ, ය - සුබ ගණයන් ලෙසත්, ජ,ර,ස,ත අසුබ ගණයන් ලෙසත් විග්රහ වේ.
සුබ ගණ
ම - ගණය - ගුරු හෙවත් ඇදෙන අකුරු තුනක් එක් වීමෙන් සෑදේ. “සේ නා වෝ”, “මා ලා වෝ” උදා හරණ වේ.
න - ගණය - ලඝු හෙවත් කෙටි අකුරු තුනක් එක් වීමෙන් සෑදේ. “මලක” , “සුමට” උදාහරණයන්ය.
බ - ගණය - මුලින්ම ගුරු අකුරක් හා ඉන් පසු ලඝු අකුරු දෙකක් එක් වී සෑදේ. “නා මල”, “යා දෙ ක” උදාහරණයන්ය.
ය - ගණය - මුලින්ම ලඝු අකුරකුත්, පසුව ගුරු අකුරු දෙකකුත් එක්ව සෑදේ. “දමාලා”, “කවාලා” උදාහරණයන්ය.
අසුබ ගණ
ජ - ගණය - මැදට ගුරු අකුරක් හා දෙපසට ලඝු අකුරු දෙකක් එක්වී සෑදේ. “හිමාල”, “වනාත” උදාහරණයන්ය.
ර - ගණය - මැදට ලඝු අකුරක් හා දෙපසට ගුරු අකුරු දෙකක් එක්වී සෑදේ. “පීනනා”, “සාගරේ” උදාහරණයන්ය.
ස- ගණය - අගට ලඝු අකුරක් හා මුලට ගුරු අකුරු දෙකක් එක් වී සෑදේ. “ආකාස”, “ලාලාට” උදාහරණයන්ය.
ත- ගණය - අගට ගුරු අකුරක් හා මුලට ලඝු අකුරු දෙකක් එක් වී සෑදේ. “සොබනා”, “නිවනා” උදාහරණයන්ය.
කවි පන්තියක් ඇරඹීමේදී හා හිටිවනම කවි ගායනා ඉදිරිපත් කිරීමේ දී සුබ ගණ වලින් ඇරඹීම යෝග්‍ය බව සේන මහතාගේ අදහසයි.
මලක සුවඳ විහිදෙනවා නම් ...............නිබඳ
බඹරු රොනට නේමට කාරණ ............කිමද
“ගණ” ගැන වැඩිය සතුටක් නැති මුදු ....මහද
ලිව්වා තියෙන දේ විස්තර කර ..............සබඳ