Monday, June 28, 2010

ද්වන්ධ සටන....!

දෙදෙනෙකු හෝ දෙපිරිසක් අතර ඇතිවෙන තීරණාත්මක සටනකට අපි ද්වන්ඬ සටනක් යැයි කියමු. මෙය හදිසියේ මට සිහි වූයේ වත්මනෙහි අප රට තුළ පවතින අපූරු ද්වන්ධ සටනක් නිසාය. එය අන් කිසිවක් නොව විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ නායකත්වය සඳහා වූ ද්වන්ධ සටනකි. මෙය මීට පෙර පැවති ද්වන්ධ සටන් වලින් වෙනස් වන්නේ මෙය "අලට වැඩියි කොස්" ආකාරයේ සටනක් බැවින් යැයි මට සිතේ. එනම් මෙයින් කවර පුද්ගලයා ජයගත්තත් රටට හෝ පක්ෂයට අමුතු සෙතක් නොවන බව පැහැදිලිය. 


රනිල් වික්‍රමසිංහ යනු දීර්ඝ කාළයක් දේශපාලනයේ නිරත වීමෙන් හා නායකත්වයේ විවිධ ඉසව් තරණය කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෘතහස්ත දේශපාලන නායකයෙකි. එහෙත් ඔහු ශ්‍රී ලංකාවේ නායකත්වයට කිසි සේත්ම සුදුසුකම් දක්වන්නේ නැත. මන්ද ඔහු දැඩි ලිබරල් මත ධාරියෙකු නිසාය. ඔහු ට අපේ සංස්කෘතියට හෙණ ගැහුවත් ප්‍රශ්ණයක් නැත. ඔහුට අවශ්‍ය රටේ ආර්ථික ශක්තිය ඉදිරියට ගෙනැවිත් රට ශක්තිමත් කිරීමය. අනෙක් අතට 1994න් පසු එජාපයේ පරණ පවු සහ අළුත් පවු සියල්ල ගියේ රනිල් ගේ පිටින්ය. ඔහු ගෙනා සටන් විරාම ගිවිසුම ද අවසානයේ ජනතා අප්‍රසාදයට ලක් විය. මෙහෙම බලනකොට ඔහුට යලිත් රටේ නායකත්වය අපේ ජනතාව ලබා දේ යැයි විශ්වාස කරන්නට අපහසුය. 


දැන් අලුත් නායකයෙක් රනිල්ගේ අඩුපාඩු තමා ලඟ නැති බව කියමින් නායකත්වයට එන්නට සැරසේ. එහෙත් අප මතක තබා ගත යුතු කරුණක් වේ ඔහුට රනිල් ලඟ ඇති උසස් ගුණාංගයන්ද නැති බවය. ඔහුට රනිල්ට තරම් හොඳට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නට නොහැකි බව පැහැදිලි ය. දැන් එජාපයෙන් මේ රටට නායකත්වයක් සෙවීම තේරුමක් නැති බව පැහැදිලිය.


අපට තව දුරටත් මේ යුධ සොමිය විඳ විඳ ඉඳින්නට සිදු වනු ඇත.

රටකට යන කළ තේරුම් ගන්නට
බලපන් මැති සබ සංයුතිය
එහි ඇති පක්ෂත් නායක රොත්තත්
බලපන් යන්නේ කොයිබටද
උන්ගේ කියුමන් කෙරුමන් ඔක්කොම
බලපන් ඒ හැම ඇත්තටද
බල අරගලයයි හැමතැන ඇත්තේ
බලපන් වට පිට තව නො ඉඳ.......!


පිංතූර 1
පිංතූර 2