Thursday, March 18, 2010

බොරු කියනවා නම් ප්ලෑන් කරලා කියන්න….



මේක මීට අවුරුදු 12කට විතර කලින් සිදුවුණු පුංචි රසවත් සිදුවීමක්. අද යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට මට මේක මතක් වුණා. මේක හොඳ විනෝදබර සිදු වීමක්.

ඔන්න අපේ යාළුවෙක් හිටියා. අපි එයාට රෝහිත කියමුකෝ.. එයා තමයි මේකෙ කථානායකයා. එහෙමත් නැත්නම් ප්‍රධාන නළුවා. මිනිහා ටිකක් විනෝදෙට බරයි. කයිවාරුවත් අඩුවක් නෑ. ඉගෙන ගන්න වගේම ක්‍රීඩාවටත් දක්ෂයි මීටර් 400 ඉසව්වෙන් සමස්ථ ලංකා තරඟ වලටත් ඉදිරිපත් වෙලා තියෙනවා.

අපි මේ කියන දවසට සති කීපයකට කලින් අපේ යාළුවා මොකක්දෝ ප්‍රධාන පෙලේ තරඟයකට සහභාගී වුණා. හම්බ වුණේ 4 වෙනි තැන. හැබැයි රූප පෙට්ටියේ ප්‍රවෘත්ති වලට මෙයාවත් යන්තම් පෙන්නුවාමිනිහා අපටත් දුරකථනයෙන් දැනුම් දුන්නා ප්‍රවෘත්ති බලන්න කියලා අපිත් ඉතින් බැලුවා කියමුකෝ

ඔන්න මං කියන දවස උදා වුණා.. අපි උ.පෙ පංති ගිය යාළුවෝ කට්ටියක් විනෝද ගමනක් ගියා. රෝහිත මේ පංතියට සහභාගී වුනේ නැති වුනත් අපේ තිබුණු හිතවත් කම නිසා එයත් අපිත් එක්ක එකතු වුණා…… අපි ගියේ සීගිරි දඹුලු.

අපිත් එක්ක ගෑනු ළමයි කීපයකුත් ගියා. ඒ අයගෙන් බොහෝ දෙනා අපේ පංතියේ අය.. අපේ මිත්‍රයා මේ ගෑණු ළමයි එක්ක පොඩි කයිවාරුවක් ගහන්න සැට් වුණා.. හැබැයි කෙල්ලො ටික මිනිහව වැඩිය මායිම් කලේ නෑ. යාළුවා ඔහුව කෙල්ලන්ට හඳුන්වා දෙන්න උත්සහ ගත්තා. මෙන්න මේ වගේ දෙබසක් තමයි ඇති වුණේ.

රෝහිත : හලෝ.. කොහොමද? මං නම් ඔයාලව දන්නේ නෑ. ඒත් ඔයාලා නම් මාව දන්නවා ඇති නේ?
කෙල්ලෙක් : අනේ අපි ඔයාව දන්නේ නෑ.. නේ
රෝහිත : මොනවා? (විශ්මය අඟවයි) ඔයාලා ටී.වී බලන්නේ නැද්ද?
කෙල්ලෙක් : අපි නිතරම ටී.වී බලනවා නේ.. ඔයා මොන ප්‍රෝග්‍රෑම් එකේ ද හිටියේ..?
රෝහිත : මාව පහුගිය කාලේ නිතරම ටීවී එකේ පෙන්නුවානේ ප්‍රවෘත්ති වලට
(හැබැයි මිනිහව පෙන්නුවේ තප්පර 0.5 ක් තරම් චූටි කෑල්ලක. ඒ මදිවට එකම එක දවසයි.)
කෙල්ලෙක් : අනේ සොරි අපි වැඩිය ප්‍රවෘත්ති බලන්නේ නෑ නේ.
(අනිත් අයත් ඒක අනුමත කළා)
ඒත් කෙල්ලෝ ටික හිමින් සීරුවේ මාරු වෙලා ගිහින් අපේ වෙන යාළුවෙක් ගෙන් අහලා තියෙනවා මොකක්ද මේ ටීවී කතාව කියලා. මිනිහා ඇත්තම දෙසා බාලා. අපේ රෝහිතයගේ පටි හතම රෝල්…….

පිංතූරෙ ගත්තේ මෙතැනින්...

4 comments:

  1. මෑන් ඉක්මනටම වැසිකිලියට යන්න ඇති නේද?
    නියම වැඩේ..
    මෙහෙම එකක් තියෙනවා...
    10ක් කරලා 100ක් පෙන්නනවා...
    සමහරු 100ක් කරලා 10ක් පෙන්නනවා...
    කාලේකින් කාගේත් වැඩ එලි වෙනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  2. කම්මලේ බල්ලා හෙණ හඬට බය නෑ වගේ... මිනිහටත් මේ සිද්ධිය ගානක් වත් නෑ... තමන්ට නෙවෙයි වගේ තමයි මිනිහා නම් හිටියේ... අපිට නම් ඒක හරි විනෝද බර සිදුවීමක් වුණා...

    ස්තුතියි සහෝ..

    ReplyDelete
  3. හිකි... හිකි...හිකි හිකිස් ලොල්

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..